විද්‍යා දැරිය ඝාතන සිදුවීමට දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරයෙකුගෙන් ප්‍රකාශයක් ලබාගන්නා ලෙස CIDයට නියෝග

Wednesday, 23 August 2017 - 10:51

%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F+%E0%B6%AF%E0%B7%90%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%AF%E0%B7%99%E0%B6%B8%E0%B7%85+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BD%E0%B6%B6%E0%B7%8F%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F+%E0%B6%BD%E0%B7%99%E0%B7%83+CID%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C
යාපනය, පුංකුඩිතිව් ප්‍රදේශයේදී ඝාතනයට ලක්වු ශිවලෝගනාදන් විද්‍යා දැරිය සමූහ දුෂණයකර ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරුවන්ට සහයෝගය දීමේ සිදුවීම සම්බන්ධයෙන් යාපනය දිස්ත්‍රික් දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී  මාවයි සේනාධිරාජාගෙන් ප්‍රකාශයක් ලබාගන්නා ලෙස යාපනය, කයිටිස් මහේස්ත්‍රාත් ඒ.එම්.එම්.රියාල් අපරාධ පරීක්ෂණ දෙපාර්තෙමින්තුව වෙත ඊයේ (22) නියෝග කරනු ලැබුවා.

පාසල් සිසුවියක් වූ විද්‍යා දැරිය සමූහ දුෂණය කර ඝාතනය කළ සිදුවීමට සම්බන්ධ ප්‍රධාන සැකකරුට පලායාමට සහයෝගය ලබාදීම සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් හිටපු ජ්‍යේෂඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ සම්බන්ධයෙන් නඩු විභාගය කයිට්ස් මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගත් අවස්ථාවේ දී මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තෙමින්තුව වෙත එලෙස නියෝග කළා.

සැකකරුවන් පළායාම සම්බන්ධයෙන් වන නඩු විභාගයේදී ලබාදුන් සාක්ෂි පදනම් කර ගනිමින් සිද්ධිය සම්බන්ධයෙන් මාවයි සේනාධිරාජා ඇතුළු හය දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගන්නා ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තෙමින්තුව වෙත මහේස්ත්‍රාත්වරයා නියෝග කරනු ලැබුවා.

විද්‍යා ඝාතනයේ ප්‍රධාන සැකකරු වන ස්විස් කුමාර් නැමැත්තා ප්‍රදේශවාසීන් අල්ලාගෙන පහරදෙන අවස්ථාවේ අදාළ සැකකරු පොලිසියට භාරදෙන ලෙසට ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේශ්වරන් මහත්මිය පවසා ඇති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තෙමින්තු නඩු විභාගයේදී  අධිකරණය වෙත දන්වා තිබුණා.

ස්විස් කුමාර් නමැත්තා මුදා හැරීමේ සිදුවීම සම්බන්ධයෙන් විජයකලා මහේශ්වරන් අමාත්‍යවරියගෙන් මීට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තෙමින්තුව ප්‍රකාශයක් ලබා ගත්තා.

ප්‍රධාන සැකකරු වන මහාලිංගම් සෂිකුමාර් නොහොත් ස්විස් කුමාර් විදුලි කණුවක බැඳ ප්‍රදේශවාසීන් පහර දුන් අවස්ථාවේ සැකකරු අත්අඩංගුවට ගන්නා ලෙස ළමා කටයුතු රාජ්‍ය ඇමැති විජයකලා මහේෂ්වරන් පොලිසියට දන්වා ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (22) කයිට්ස් මහේස්ත්‍රාත් ඒ.එම්. එම් රියාල් වෙත දැනුම්දෙනු ලැබුවා.
 
සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් පසු මුදාහැරීම සම්බන්ධයෙන් අමාත්‍යවරිය දැනගෙන ඇත්තේ ඊට පසු දින පැවැති රැස්වීමකදී බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කළා.

ස්විස් කුමාර් නම් සැකකරු මුදා හැරීම සම්බන්ධ පැමිණිල්ල කයිට්ස් අධිකරණයේ විභාග කිරීමට හැකියාව ඇති බව නීතිපති දෙපාර්තමේන්තුව ඊයේ (22) කයිට්ස් මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබුණා.

ස්විස් කුමාර් මුදා හැර ඇත්තේ යාපනය මහේස්ත්‍රාත් අධිකරණ බල සීමාවේ බැවින් කයිට්ස් මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු කටයුතු පවත්වාගෙන යෑමේ හැකියාවක් ඇත්දැයි සොයා බලන ලෙස මහේස්ත්‍රාත් ඒ.එම්.එම්.රියාල් මීට පෙර නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් පතා තිබුණා.
 
අධිකරණ නියෝග අනුව ස්විස්කුමාර් මුදා හැරීම සම්බන්ධයෙන් විජයකලා මහේෂ්වරන් ගෙන් ප්‍රකාශයක් ලබා ගත් බවද රහස් පොලිසිය අධිකරණයට දැන්වුවා.

විද්‍යා දැරිය ඝාතන සිදුවීමෙන් අනතුරු ප්‍රදේශවාසීන් ලබාදුන් තොරතුරු විජයකලා මහේෂ්වරන් කයිට්ස් පොලිසියට ලබා දී ඇතැයි ද, ස්විස් කුමාර් අල්ලා පහරදෙන අවස්ථාවේ සැකකරු අත්අඩංගුවට ගන්නා ලෙසට ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය අමාත්‍යවරිය උපදෙස් දී ඇතැයිද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තමන් සිදුකළ පරීක්ෂණ වාර්තාව කයිටිස් මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කරමින් පැවසුවා.

2015 මැයි 13 වැනිදා යාපනය, පුංකුඩිතිව්, 09 වන පටුමග ප්‍රදේශයේදී ශිවලෝගනාදන් විද්‍යා නමැති 18 හැවිරිදි පාසල් දැරිය සමූහ දූෂණයට ලක්කොට ඝාතනය කර තිබුණා.