රයන් යලි රිමාන්ඩ්

Wednesday, 23 August 2017 - 13:05

%E0%B6%BB%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B6%BD%E0%B7%92+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A
අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කර සිටින වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැදවුම්කරු රයන් ජයලත් අනිද්දා දක්වා යලි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ සැකකරු මාලිගාකන්ද ප්‍රධාන මහේස්ත්‍රාත් දුලානි වීරතුංග හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.  

රයන් ජයලත් ඇතුළු සිසුන් 05 දෙනෙකු වහාම අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න පොලිසියට පසුගිය 10 වනදා නියෝග කළා.

මහජන පීඩා සිදුවන ආකාරයෙන් උද්ඝෝෂණයේ නිරත වීම පිළිබඳව කොල්ලූපිටිය පොලීසිය මොහුට විරුද්ධව චෝදනා එල්ල කර තිබෙනවා.

පසුව රයන් ජයලත් නීතිඥයෙකු මාර්ගයෙන් මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වූයේ පසුගිය 18 වනදායි.