යාපනය සරසවියේ විද්‍යා අංශය තාවකාලිකව වැසෙයි

Wednesday, 23 August 2017 - 13:37

%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA+%E0%B7%83%E0%B6%BB%E0%B7%83%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F+%E0%B6%85%E0%B6%82%E0%B7%81%E0%B6%BA+%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B7%92%E0%B6%9A%E0%B7%80+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%99%E0%B6%BA%E0%B7%92
යාපනය සරසවියේ විද්‍යා අංශයේ සිසුවෙකු ඩෙංගු උණ වැළඳීමෙන් මිය යාමත් විද්‍යා අංශයේ සිසුන් 09 දෙනෙකුට ඩෙංගු උණ වැළඳීමත් නිසා අද (23) දහවල් සිට ලබන සැප්තම්බර් මස 04 වනදා දක්වා විද්‍යා  අංශයට නිවාඩු ලබා දීමට යාපනය උපකුලපති රත්නම් විග්නේෂවරන් පියවර ගෙන තිබෙනවා.

යාපනය සරසවියේ විද්‍යා අංශයේ පළමු වසරේ ඉගෙනමු ලැබූ වව්නියාව මදවයිත්තිකුලම් ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි විජයරත්නම් වින්දුෂන් නැමති සිසුවා යාපනය සරසවියේ කොණ්ඩාවිල් නේවාසිකාගාරයේ සිටියදී දින තුනක් තිස්සේ ඩෙංගු උණ වැළඳීමෙන් පසුව පසුගිය 20 වනදා යාපනය රෝහලට ඇතුලත් කරන විටත් මිය ගොස් තිබුනා.

පසුව විද්‍යා අංශයේම සිසුන් 09 දෙනෙකුට ඩෙංගු උණ වැලඳ ඇති අතර ඉන් සිංහල සිසුන් 08 ක්ම සිටි අතර අදාල සිසුන්ද ප්‍රතිකාර ලබා ගැනීමය රෝහල්ගත වී තිබෙනවා.

මේ හේතුව නිසා සිසුන් පිරිසක් විසින් නිවාඩු දෙන ලෙස විද්‍යා අංශ පීඨාධිපති එම් කුගනාදන් ගෙන් ඉල්ලා ඇති අතර ඒ පිළබඳව යාපනය උපකුලපති රත්නම් විග්නේෂ්වරන් සමග සාකච්ඡා කිරීමෙන් පසුව අද(23) දහවල් 12න් පසුව විද්‍යා අංශයට නිවාඩු ලබා දීමට තීරණය කෙරුනා.

වව්නියාව - රොමේෂ් මධුෂංඛ