හලාවත රථවාහන ස්ථානාධිපතිගේ නිවස ගින්නෙන් විනාශයි (ඡායාරූප)

Wednesday, 23 August 2017 - 13:48

%E0%B7%84%E0%B6%BD%E0%B7%8F%E0%B7%80%E0%B6%AD+%E0%B6%BB%E0%B6%AE%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1+%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%83+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B7%92+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
හදිසියේ හට ගත් ගින්නකට හසුවිමෙන් හලාවත මයික්කුලම අසරප්පා වත්තේ නිවසක් අද (23) පෙරවරු 11 ට පමණ මුළුමණින්ම දැවි විනාශ වි ඇති බව හලාවත පොලිසිය ප්‍රකාශ කළා.

මෙම නිවසෙහි හලාවත මුලස්ථාන පොලිසියේ රථවාහන ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක සමරතුංග පදිංචිව සිටි බවත් සඳහන්.

ඔහු හා ඔහුගේ පවුලේ සාමාජික සාමාජිකාවන් මෙම ගින්න හට ගත් අවස්තාවෙි දි නිවසේ රැඳී නොසිටි අතර ඔවුන් අද( 23) පෙරවරුවේ නිවසින් බැහැර දුර ගමනක් ගොස් සිටි බවද වාර්තා වනවා.

කිසිවකු නොසිටි අවස්තාවක මෙම නිවස තුලින් ගින්නක් හට ගෙන ඇති බව දැන ගත් පොලිසිය වහාම මෙහි පැමිණි අතර පසුව සියලු දෙනා එකතුව ගින්න නිවා දැමු බවත් සඳහන්.

 එහෙත් ඒ වන විටත් නිවසට හා එහි තිබු ගෘහ භාණ්ඩ ඇතුලු  උපකරණ ගින්නට හසුවි විනාශය ගොස් තිබු බවත් පොලිසිය පවසනවා.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වි නැහැ.


 
හලාවත - ඔගස්ටින් ප්‍රනාන්දු