දූෂිතයන්ට එරෙහිව නඩු කටයුතු කඩිනම් කරන්න - එජාප පසුපෙළ මන්ත්‍රීවරු ජනපතිගෙන් ඉල්ලයි

Thursday, 24 August 2017 - 7:13

%E0%B6%AF%E0%B7%96%E0%B7%82%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B6%B1%E0%B6%A9%E0%B7%94+%E0%B6%9A%E0%B6%A7%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B6%9A%E0%B6%A9%E0%B7%92%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+-+%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4+%E0%B6%B4%E0%B7%83%E0%B7%94%E0%B6%B4%E0%B7%99%E0%B7%85+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
දූෂිතයන්ට එරෙහි නඩු කටයුතු කඩිනම් කිරීමට අවශ්‍ය යාන්ත්‍රණයක් සකස් කළ යුතු බවට එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඒ, ඊයේ රාත්‍රියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවේදියි.

මෙම හමුවට එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් 52 කු එක්ව සිටි බවයි වාර්තාවන්නේ.

මෙහිදී එජාප මන්ත්‍රීවරුන් වංචා හා දූෂණ පිළිබඳ නඩු කටයුතු ප්‍රමාදවීම පිළිබඳ දීර්ඝ ලෙස කරුණු දක්වා තිබෙනවා.

අවශ්‍ය යාන්ත්‍රණය සකස් කිරීම සඳහා පියවර ගැනීම පිළිබඳව ජනාධිපතිවරයාද මෙහිදී සිය එකඟතාව පළ කළ බවයි මෙම සාකච්ඡාවට එක්වූ මන්ත්‍රීවරයෙකු හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී සඳහන් කළේ.

මේ අතර ආණ්ඩුවේ ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මසකට වරක් ජනාධිපතිවරයා හමුවීමට එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරුන් ඉල්ලීමක් කර තිබෙනවා.