පළාත්පාලන මැතිවරණ සංශෝධන කෙටුම්පත අද විවාදයට

Thursday, 24 August 2017 - 7:16

%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1+%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB+%E0%B7%83%E0%B6%82%E0%B7%81%E0%B7%9D%E0%B6%B0%E0%B6%B1+%E0%B6%9A%E0%B7%99%E0%B6%A7%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD+%E0%B6%85%E0%B6%AF+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA%E0%B6%A7
පළාත්පාලන ආයතන ඡුන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතයි.

ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ගයන්ත කරුණාතිලක ඊයේ මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර, ඒ පිළිබඳ විවාදය අද දිනය පුරා පැවැත්වෙන බවයි ඔහු කියා සිටියේ.   

මේ අතර මෙම පනත් කෙටුම්පතට ආණ්ඩුව හොර රහසේ සංශෝධන ගෙනවිත් ඇති බවට ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ ඊයේ පස්වරුවේ මැතිවරණ කොමිසමේ සභාපති ඇතුලු නිලධාරීන් හමුවූ  අවස්ථාවේදියි.