සී.අයි.ඩී ය ඇල්ලූ උසස් පෙළ සිසුවා සහ වෛද්‍ය පියා රිමාන්ඩ්

Thursday, 24 August 2017 - 7:23

%E0%B7%83%E0%B7%93.%E0%B6%85%E0%B6%BA%E0%B7%92.%E0%B6%A9%E0%B7%93+%E0%B6%BA+%E0%B6%87%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%96+%E0%B6%8B%E0%B7%83%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B7%99%E0%B7%85+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%8F+%E0%B7%83%E0%B7%84+%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A
තාක්ෂණික මෙවලමක් ආධාරයෙන් උසස් පෙල විභාගයේ රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රය පිටකළ බවට සැකපිට අත්අඩංගුවට ගත් උසස් පෙළ සිසුවා සහ ඔහුගේ පියා මේ මස 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

ඒ, සැකකරුවන් ගම්පහ මහේස්ත්‍රාත් ඩී .ඒ. රුවන් පතිරණ හමුවට ඊයේ ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගනු ලැබුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්.

සැකකාර සිසුවා කොළඹ ප්‍රධාන පාසලක ඉගෙනුම ලබන  අතර ඔහුගේ පියා නාරාහේන්පිට පොලිස් රෝහලේ වෛද්‍යවරයෙකු ලෙස කටයුතු කරනවා.

පසුගිය සෙනසුරාදා පැවති රසායනික විද්‍යා ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්නවලට සමාන අනුමාන ප්‍රශ්න ඇතුළත් අත්පත්‍රිකාවක් උපකාරක පන්ති ගුරුවරයෙකු විසින් ගම්පහ ප්‍රදේශයේ බෙදාහැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විශේෂ පරික්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

මෙම අත් පත්‍රිකාව විභාගය පැවැත්වෙන අතරතුරදී මුද්‍රණය කර ඇති අතර, සැකකාර සිසුවා විභාගය අතරතුර එය තාක්ෂනික මෙවලමක් ආධාරයෙන් පිටකර ඇති බවටයි පොලීසිය සැක කරන්නේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර සැකකාර උපකාරක පන්ති ගුරුවරයාගේ පියා, සහෝදරයා සහ අත්පත්‍රිකාව මුද්‍රණය කළ පුද්ගලයාද පොලීසිය අත්අඩංගුවට ගත්තා.

කෙසේ වෙතත්, සැකකාර ගුරුවරයා මේ වනවිට ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර, පසුගිය දින කිහිපය තුළ ඔහු භාවිතා කළ දුරකථන ඇමතුම් ඔස්සේ පරීක්ෂණ සිදුකරන බවයි පොලීසිය සඳහන් කළේ.