දක්ෂිණ අධිවේගයේ අනතුරෙන් තුවාල ලැබූ එක් අයෙකුට මරුට

Thursday, 24 August 2017 - 8:49

%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%AB+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%9C%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%BD+%E0%B6%BD%E0%B7%90%E0%B6%B6%E0%B7%96+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න සහ කුරුඳුගහහැතැක්්ම අතර  ප්‍රදේශයේදී අද පෙරවරුවේ සිදුවූ අනතුරෙන් තුවාල ලැබූ එක් අයෙකු මියගොස් තිබෙනවා.

පොලීසිය ප්‍රකාශ කළේ අනතුරට ලක්වූ වෑන් රථයේ රියදුරු මෙලෙස මියගොස් ඇති බවයි.

කොළඹ සිට මාතර දෙසට ධාවනය වූ වෑන් රථයක්, ඉදිරියෙන් ගමන් කළ ලොරි රථයක් පසුකර යාමට උත්සාහ කිරීමේදී මෙම අනතුර සිදු වුණා.

සිද්ධියෙන් තුවාල ලැබූ පුද්ගලයින් හයදෙනාගෙන් තුන්දෙනෙකු නාගොඩ රෝහලට ඇතුළත් කෙරුණු අතර, තවත් දෙදෙනෙකු ඇතුළත් කෙරුණේ ඇල්පිටිය රෝහලටයි.

මියගිය  වෑන්රථයේ රියදුරු අකුරැස්ස ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි පුද්ගලයෙක්.