විජේදාස ගැන අදත් කථා

Thursday, 24 August 2017 - 13:35

%E0%B7%80%E0%B7%92%E0%B6%A2%E0%B7%9A%E0%B6%AF%E0%B7%8F%E0%B7%83+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%85%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%AE%E0%B7%8F
කැබිනට් මණ්ඩලය ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බවට හිටපු අමාත්‍ය විජේදාස රාජපක්ෂ විසින් ප්‍රකාශ කළ යුතුව තිබුණේ අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමට පෙර බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ ධීවර සංස්ථාවේ රාගම නව මත්ස්‍ය වෙළඳ මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට අද සහභාගි වීමෙන් පසුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් අද පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ නීතිපතිවරයාට සහ එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට බලපෑම් එල්ල කළ බවට විජේදාස රාජපක්ෂ හිටපු අමාත්‍යවරයා සිදුකරන චෝදනා සුළු කොට තැකිය නොහැකි බවයි.  

දූෂණ විරෝධී හඩ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි කැඳවුම්කරු වසන්ත සමරසිංහ ප්‍රකාශ කළේ අමාත්‍ය ධුරයෙන් ඉවත් කළ විජේදාස රාජපක්ෂ තමන්ට එල්ලවූ බලපෑම් පිළිබඳ හෙළිදරව් කළ යුතුව ඇති බවයි.