පළාත්පාලන ඡන්ද විමසීම් කෙටුම්පතට ආණ්ඩුවෙන් සංශෝධන 50 ක්

Thursday, 24 August 2017 - 14:50

%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B7%83%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%99%E0%B6%A7%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B6%A7+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B7%81%E0%B7%9D%E0%B6%B0%E0%B6%B1+50+%E0%B6%9A%E0%B7%8A
පළාත්පාලන ආයතන ඡන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ දෙවන වර කියවීමේ විවාදය පාර්ලිමේන්තුවේ අද ආරම්භ වුණා.

විවාදය ආරම්භ කිරීමට පෙර කථානායකවරයා දැනුම්දුන්නේ අද දිනයේදී මෙය විවාද කර ඊට අදාල ජන්ද විමසීම ලබන මස 6 වනදා පැවැත්වෙන බවයි.

කෙසේ වෙතත් ආණ්ඩුවෙන් පනත් කෙටුම්පතට සංශෝධන 50 ක් අද දිනයේ එක් කර ඇති නිසා මෙය අධ්‍යයනය කිරීමට කාලය අවශ්‍ය බව ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන සඳහන් කළා.

කෙසේ වෙතත් අද පස්වරු 1.30ට පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමේදී ඒ සම්බන්ධයෙන් තීරණයක් ගත හැකි බවයි කථානායකවරයා ප්‍රකාශ කළේ.   

මේ අතර ඊයේ දිනයේ අමාත්‍ය ධුරවලින් ඉවත් කරන ලද  විජේදාස රාජපක්ෂට අද පාර්ලිමේන්තුවේ වෙන්කර ඇත්තේ 93 වන අසුනයි.

මීට පෙර ඔහුට සභාගර්භය තුළ ආණ්ඩු පක්ෂයේ 34 වන අසුන හිමිව තිබුණා.

විජේදාස රාජපක්ෂ හිටපු අමාත්‍යවරයා ව්‍යවස්ථාදායක සභාවේ අග්‍රාමාත්‍යවරයාගේ නියෝජිතයා වන අතර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක කමිටුවේ සාමාජිකයෙකුද වනවා. විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයා එම තනතුරුවලින් ඉල්ලා අස්වුවහොත් හැර ඉන් ඉවත්කිරීමේ හැකියාවක් නැහැ.