උතුරු පළාත් සභාවේ මන්ත්‍රීවරු සභාවේ බිම වාඩි වී විරෝධතාවයක (ඡායාරූප)

Thursday, 24 August 2017 - 15:37

%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B7%94+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%B6%E0%B7%92%E0%B6%B8+%E0%B7%80%E0%B7%8F%E0%B6%A9%E0%B7%92+%E0%B7%80%E0%B7%93+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%BA%E0%B6%9A+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
උතුරු පළාත් සභා මන්ත්‍රීවරු පළාත් සභා සංකීර්ණයේ බිම වාඩි වි අද (24) උදැසන විරෝධතාවයක නිරත වුනා.

උතුරු පළාත් සභාවාරය ආරම්භ කිරීමෙන් අනතුරුව පළාත් සභාවේ දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරුන් සභා සංකීර්ණයේ බිම වාඩි පෝස්ටර් හා බැනර් ප්‍රදර්ශනය කරමින් විරෝධතාවයක් පැවැත්වු අතර විරෝධතාවය හේතුවෙන් පළාත් සභාව විනාඩි පහක පමණ කාලයකට නතර කිරීමට සිදු වුනා.

දේශපාලන සිරකරුවන් වහාම නිදහස් කිරීම, උතුරේ ආරක්ෂක අංශ සතු ඉඩම් නිදහස් කිරීම, අතුරුදහන්වූවන් සොයාදෙන ලෙසට ඉල්ලීම් කරමින් පළාත් සභා දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරුන් විරෝධතාවයේ නිතර වූ බවයි අප වාර්තාකරු කියා සිටියේ.
 
අදාළ අවස්ථාවේදී පළාත් සභා මන්ත්‍රීවරුන් වෙත උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සි වී විග්නේශ්වරන් පැවසූවේ  ඉල්ලීම් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනුවත් කොට ජනාධිපතිවරයාගේ ස්ථාවරය උතුරු පළාත් ආණ්ඩුකාරවරයා හරහා කඩිනමින් දැන ගැනීමට කටයුතු කරන බවයි.

විග්නේශ්වරන්ගේ ප්‍රකාශයත් සමග විරෝධතාවය නවතා දැමීමට මන්ත්‍රීවරුන් කටයුතු කළ අතර, පළාත් සභා මන්ත්‍රී එම් කේ ශිවාජිලිංගම් පැවසූවේ වර්තමාන රජය බලයට පත්වීමෙන් අනතුරුව දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම, උතුරේ ආරක්ෂක අංශ සතු ඉඩම් නිදහස් කිරීම, අතුරුදහන්වූවන් සොයාදෙන බවට පොරොන්දුවුවත් අදාළ පොරොන්දු මෙතෙක් ඉටු නොවීම කණගාටුවට කරුණක් බවයි.

දෙමළ ජාතික සන්ධාන පළාත් සභා මන්ත්‍රීවරුන් සියළුදෙනා විරෝධතාවයට එක්ව සිටියා.



ඡායාරූප - වව්නියාව මාධව කුලසුරිය