ඇමති රාජිතට එරෙහි විශ්වාසභංගය කථානායකට (ඡායාරූප)

Thursday, 24 August 2017 - 16:00

%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B6%B7%E0%B6%82%E0%B6%9C%E0%B6%BA+%E0%B6%9A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
අමාත්‍ය රාජිත සේනාරත්නට එරෙහි විශ්වාසභංග යෝජනාව කථානායක කරු ජයසුරිය වෙත භාරදී තිබෙනවා.

ඒ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් විසින්.

මන්ත්‍රීවරුන් 39 දෙනෙකු අමාත්‍ය රාජිත සේනාරත්නට එරෙහි විශ්වාසභංග යෝජනාවට අත්සන් තබා තිබෙනවා.

මෙම යෝජනාව කථානායකවරයා වෙත භාරදීමේ අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ප්‍රසන්න රණතුංග / උදය ගම්මන්පිල සහ මහින්දානන්ද අලුත්ගමගේ ඇතුලු පිරිසක් එක්ව සිටියා.

තමන්ට එරෙහිව අද ඉදිරිපත් කෙරුණු විශ්වාසභංගය පිළිබද අදහස් දැක්වීම සදහා සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න ද කොළඹදී මාධ්‍ය හමුවක් කැදවා තිබුණා.

එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ කොතෙකුත් විශ්වාසභංග පැමිණියත් තමන් ඊට මුහුණදීමට සූදානම් බවයි.