කොළඹ හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරියා අත්අඩංගුවට ගත හැකි බව නීතිපති අධිකරණයට දන්වයි

Thursday, 24 August 2017 - 16:31

%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB+%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%9C%E0%B6%AD+%E0%B7%84%E0%B7%90%E0%B6%9A%E0%B7%92+%E0%B6%B6%E0%B7%80+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B7%92
වසීම් තාජුඩීන්ගේ පළමු පශ්චාත් මරණ පරීක්ෂණයේදී ඉවත් කර ගැණුනු අස්ථි කොටස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලව සිටින කොළඹ හිටපු ප්‍රධාන වෛද්‍ය නිලධාරි මහාචාර්ය ආනන්ද සමරසේකර අත්අඩංගුවට ගත හැකි බව නීතිපතිවරයා අද අධිකරණයට දැනුම් දුන්නා.

මීට අදාළ නඩුව කැදවූ අවස්ථාවේ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් ඩිලාන් රත්නායක, කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ජෙයරාම් ට්‍රෝස්කි හමුවේ ප්‍රකාශ කළේ ඉදිරිපත් වී ඇති සාක්ෂි අනුව මේ සම්බන්ධයෙන් පියවර ගන්නා ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ද දැනුම්දී ඇති බවයි.

මෙහිදී අතිරේක මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නේ ඔවුන්භාරයේ ඇති මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ තිබී අත්අඩංගුවට ගත් මිනිස් අස්ථි කොටස් අඩංගු පාර්සල් 17 කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලය වෙත භාර දෙන ලෙසයි.