මත්තල ගුවන්තොටුපළ ඉදිරිපිට විරෝධතාවක් (ඡායාරූප)

Thursday, 24 August 2017 - 16:46

%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%BD+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%9C%E0%B6%A7%E0%B7%94%E0%B6%B4%E0%B7%85+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
මත්තල ජත්‍යන්තර  ගුවන් තොටුපොළ විකුණා දැමිමට කැබිනට් අනුමැතිය ලැබී ඇතැයි පවසමින් ඊට විරෝධය පළකරමින් ශ්‍රි ලංකා නිදහස් සේවක සංගමයේ ගුවන්තොටු පොළ ශාඛාවේ සේවකයින් විසින් මත්තල ජාත්‍යන්තර ගුවන්තොටු පොළ ඉදිරිපිටදී අද(24) විරෝධතාවයක නිරතවුනා.

මේ සදහා කටුනායක ගුවන්තොටුපොළ,රත්මලාන ගුවන්තොටු පොලේ විධායක සභිකයන් හා මත්තල ගුවන්තොටුපොලේ සේවකයන්ද ඇතුළු 300ක පමණ පිරිසක් මේ සදහා එක්ව සිටියා.

ශ්‍රි ලංකා නිදහස් සේවක සංගමයේ ගුවන්තොටු පොළ ශාඛාවේ සභාපති එම්ඩ බ්ලිව්බී ගමුහන්දිරම් මෙසේ අදහස් පළ කළා.

"මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ විදේශීය රටකට විකිණීමට හෝ ප්‍රතිව්‍යුහ ගත කිරිමකට කුමන හෝ පුද්ගලයෙකුට පවරණ ලෙසට මේ වන විට කැබිනට් අනුමැතිය හිමි වෙලා තියෙනවා. ගුවන්තොටු පෙළ හා ගුවන් සේවා සමාගමේ වැඩ කරන ජනතාව ලෙස ශ්‍රි ලංකා නිදහස් සේවක සංගමය මේ සදහා අපේ දැඩි විරෝධය පළ කරනවා වගේම මෙය දැඩි පිළිකුළින් යුතුව හෙළාදකිනවා. "

"ජාතික සම්පතක් කුමන හෝ ආකාරයකට විදේශීය සමාගමකට විකුණා දැමිමට රජය ගෙනියන වැඩ පිළිවෙලටත් අපේ දැඩි විරෝධය පළ කරනවා. අද අපි මේ මත්තල ජාත්‍යන්තර ගුවන් තොටු පොළට ඇවිත් මේ විරෝධය පළ කරන්නේ අපේ සේවකයින්ගේ සුරක්ෂිතතාවය වෙනුවෙනුයි. එහෙම නැතිව අපිට මේ තුළ කිසිදු දේශපාලණික අරමුනක් නෑ."

"මේ රටේ පාලකයින්ට 1956 ඉදන් මේ රට තුළ ආරම්භ කිරීමට නොහැකි වු විකල්ප ගුවන්තොටු පොල 2013 මාර්තු 18 වෙනිදා මේ රටට දායාද වුණා.ඒ ගුවන්තොටු පොළ ආරක්ෂා කර ගැනිම වෙනුවෙන් තමයි අපි මේ අරල කරන්නේ.සෑම රටකටම පාහේ ප්‍රධාන ගුවන්තොටු පොළ හැරුනම තවත් විකල්ප ගුවන් තොටු පොලක් අවශ්‍යයයි. "

"මේවා මේ අපි කියන අපි පෙන්වා දෙන නිර්නායක නෙමෙයි. ජාත්‍යන්තරය පවා පිළිගත් රිතීන් තමයි මේ. අමාරුවෙන් හදාගත්ත විකල්ප ගුවන්තොටු පොල අමාරුවෙන් නමුත් නඩත්තු කරගෙන පවත්වාගෙන ආවෙත් පාලකයන්ගේ තිබුණු වැරදි ප්‍රථිපත්ති නිසයි. මේ ගුවන්තොටුපොළ තවදුරටත් සංවර්ධනය කරලා පවත්වාගෙන යන්න පුළුවන්කම තියෙද්දිත් තමයි රජය මේ ජාතික සම්පත් විකුණන්න හදන්නේ. රජය මේ ගෙන ඇති තීරණයක් එක්ක සේවකයන් 795 දෙනෙකුගේ රැකියා දැඩි අනතුරකට ලක්වෙලා තියෙනවා"

"අපි මේ අරගල කරන්නේ ඒ සේවකයන්ගේ සේවක සුරක්ෂිත තාවය ආරක්ෂා කර ගැනීමට හා රටේ තියෙන ජාතික සම්පත් ටික ආරක්ෂා කරගැනීමටයි. ඒ නිසා අපි රජයට අවධාරණය කරනවා වහාම මේ මත්තල ගුවන්තොටුපොළ විකුණා දැමීමට ගත් තීරණය හකුලා ගන්නා ලෙස."

"ගොවි පොලක්, වෙනත් ආයතනයක් පිටරැටියන්ට විකුණනවා වගේ නෙමෙයි ගුවන්තොටුපොළක් පිටරටකට විකුණනවා කියන්නේ. පැහැදිළිවම ගුවන්තොටුපොලක් විදෙස් රටකට විකිණීම හමුවේ රටේ ජාතික ආරක්ෂාවටත් එය ප්‍රබල ලෙස බලපානවාය කියන එකත් අපි මේ වෙලාවේ පාලකයන්ට මතක් කර දෙනවා. ඒ වගේ අපි රජයට කියනවා මේ සේවකයන්ගේ රැකියා සුරක්ෂිත තාවය ඇති නොවුණහොත් අපි දැඩි ක්‍රියා මාර්ගයකට එළඹීමට වුනත් පසුබට වෙන්නේ නෑ කියලා.විෂය භාර අමාත්‍යවරයා මේ වන විට එකගතාවය පළ කරලා තියෙනවා කිසිදු කොන්දේසියකින් තොරව සේවක සුරක්ෂිතතාවය පිළිබදව. එය එසේ නොවුනහොත් හා වෘත්තිය සමිති පාලනය කිරීමට එන වත්මන් පාලකයන්ට නැවත කවමදාකවත් වෘත්තීය සමිතිවලට අත නොතියන්න පාඩමක් උගන්වමින් ගුවන් සේවා කටයුතු සම්පුර්ණයෙන්ම අකර්මණ්‍ය කිරිමට අපි කටයුතු කරනවා."

"ඒ නිසා මේ රජය මත්තල ගුවන් තොටු පොළ විකුණා දමමින් මේ අහිංසක සේවකයින් ගේ රැකියා අනතුරට දැම්මොත් කිසිදු ආකාරයකින් අපි නිකන් ඉන්නේ නෑ. ඇත්තටම මේ මත්තල ගුවන්තොටුපොල මේ රටට තියෙන ලොකු සම්පතක්. ඇයි එහෙම කියන්නේ. මත්තල ගුවන්තොටුපොල ආරම්භ වීමට පෙර මේ රටට විකල්ප ගුවන්තොටුපොලවල් ලෙස තිබුනේ මාලදිවයින හා චෙන්නායි. අපේ ගුවන් යානයක් එහෙට යවන විට අපි විශාල මුදලක් ගෙවුවා. නමුත් රජපක්ෂ ගුවන්තොටුපොල මත්තල ඉදි වුනාට පසුව කිසිම එයා ලයින් එකක් විකල්ප ගුවන්කොටුපොල සදහා ගෙවිය යුතු මුදලක් ගෙවුවේ නෑ. කවුරු මොනවා කිවත් මත්තල කියන්නේ අපිට නොපෙනෙන ආදායමක්"

"රටට සම්පතක්. ඒ වගේම කියන්න ඕනේ රටේ ජාතික ආරක්ෂාවට දැඩි තර්ජනයක් වෙනවා මෙය පිට රටකට විකිණිම. විශේෂයෙන්ම ඉන්දියාව වගේ රටකට, ජයලලිතගේ, වයිකෝලගේ අනුගාමිකයින් ඉදිද්දි, ඩයස් පෝරාවේ වගේ මුලික විෂබිජ තියෙන ඉංදියාවට  අපේ රටේ ගුවන් අවකාශය නිරාවරණය කරලා දීම විශාල ප්‍රශ්ණයක්. ඒ.  නිසා රජයට අපි කියනවා කම්කරු ජනතාවගේ ඉවසීමේ සිමාවක් තියෙනවාගඒ නිසා මේ වැඩකරන ජනතාවත් සමග සෙල්ලම් කරන්න එපා කියලා අපි රජයට කියනවා."





ඡායාරූප - සුරියවැව නුවන් ජයසේකර / හම්බන්තොට රාහුල් සමන්ත