නීතිඥ සංගමය රන්ජන්ට එරෙහිව නඩු පැවරීමට සූදානම්

Thursday, 24 August 2017 - 17:10

%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%A5+%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%B8%E0%B6%BA+%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B6%B1%E0%B6%A9%E0%B7%94+%E0%B6%B4%E0%B7%90%E0%B7%80%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A
පසුගියදා නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක, නීතිඥවරුන් හා විනිසුරුවරුන් විවේචනය කරමින් සිදුකළ ප්‍රකාශයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරීමට ඒකමතික තීරණයක එළඹ සිටින බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසනවා.

එම සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වා මේ බව කියා සිටියේ කොළඹ අද (24) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මේ අතර, අමාත්‍ය අර්ජුන රණතුංගට එරෙහිව ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල ගොනුකර තිබූ අපහාස නඩුවක් ගාස්තු රහිතව නිෂ්ප්‍රභ කිරීමට නුගේගොඩ දිසා විනිසුරුවරයා අද නියෝග කළා.

තමාට අපහාස කළ බවට පවසමින්  රුපියල් මිලියන 500 ක වන්දි මුදලක් ඉල්ලා තිලංග සුමතිපාල මෙම නඩුව ගොනුකළේ 2005 වසරේ මාර්තු මස 3 වනදායි.

සිය නිවසේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් අමාත්‍ය අර්ජුන රණතුංග තමාට අපහාස කළ බවට එමගින් ඔහු දක්වා තිබුණා.

එසේම, වසීම් තාජුඩීන්ගේ පළමු පශ්චාත් මරණ පරීක්ෂණයේදී ඉවත් කර ගැණුනු අස්ථි කොටස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලව සිටින කොළඹ හිටපු ප්‍රධාන වෛද්‍ය නිලධාරි මහාචාර්ය ආනන්ද සමරසේකර අත්අඩංගුවට ගත හැකි බව නීතිපතිවරයා අද අධිකරණයට දැනුම් දුන්නා.

මීට අදාළ නඩුව කැදවූ අවස්ථාවේ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් ඩිලාන් රත්නායක, කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ජෙයරාම් ට්‍රෝස්කි හමුවේ ප්‍රකාශ කළේ ඉදිරිපත් වී ඇති සාක්ෂි අනුව මේ සම්බන්ධයෙන් පියවර ගන්නා ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ද දැනුම්දී ඇති බවයි.

මෙහිදී අතිරේක මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නේ ඔවුන්භාරයේ ඇති මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ තිබී අත්අඩංගුවට ගත් මිනිස් අස්ථි කොටස් අඩංගු පාර්සල් 17 කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලය වෙත භාර දෙන ලෙසයි.

මේ අතර, තරුණයින් 11 දෙනෙකු පැහැර ගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියකට අදාළව අත්අඩංගුවට ගෙන සිටින හිටපු නාවික හමුදා ප්‍රකාශක කොමදෝරු ඩී.කේ.පී.දසනායක ඇතුළු නාවික හමුදා සෙබළුන් 6 දෙනා ලබන මස 06 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ, ඊට අදාළ නඩුව අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ විභාගයට ගත් අවස්ථාවේදීයි.