STF වැටලීමකින් නිවසක් තුළ තිබූ හමුදා ඇඳුම්, T56 ඇතුළු උණ්ඩ තොගයක් අල්ලයි (ඡායාරූප)

Thursday, 24 August 2017 - 18:25

STF+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AD%E0%B7%94%E0%B7%85+%E0%B6%AD%E0%B7%92%E0%B6%B6%E0%B7%96+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B6%87%E0%B6%B3%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%2C+T56+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B7%85%E0%B7%94+%E0%B6%8B%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9+%E0%B6%AD%E0%B7%9C%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
කළුතර- පලාතොට- සරත් මාවතේ නිවසක් වැටලු පොලිස් විශේෂ කාර්ය බලකායේ මෙහෙයුම් ඒකකය යුද හමුදා නිල ඇඳුම් තොගයක්, T 56 ඇතුළු විවිධ වර්ගයේ ගිනි අවි උන්ඩ තොගයක් අද(24) අත්අඩංගුවට ගත්තා.

මිට අමතරව වෙනත් පුද්ගලයෙකුට අයත් යුද හමුදා හැඳුනුම් පතක් , බඳ පටි හා සපත්තු, කැලෑ ඇඳුම් ඇතුළු තොගයක් ද අත්අඩංගුවට ගැනුනේ හිටපු හමුදා සෙබලෙක් ද සමගයි.

උණ්ඩ 12ක්, යුද හමුදා ඇඳුම් කට්ටල 5ක් ඒ අතර තිබූ බව සඳහන්.

සැකකරු වසර 2කට පෙර හමුදාවෙන් ඉවත් වූ අයෙක් බව අනාවරණ වී තිබෙනවා.

මෙම හමුදා ඇඳුම්, හමුදා හැඳුනුම් පත  හා ගිනි අවි උණ්ඩ අපරාධයක් සඳහා යොදා ගැනීමට ගබඩා කර තිබුනේද නැතහොත් විවිධ අපරාධ සඳහා යොදා ගැනීමට සැකකරු මේවා අපරාධකරුවන්ට ලබා දෙන්නේද යන්න පරීක්ෂණ ක්‍රියාත්මකයි.



ඡායාරූප - බණ්ඩාරගම බිමල් ශ්‍යාමන්