පළාත් පාලන සංශෝධන පනත් කෙටුම්පත ගැන ඡන්දය හෙටම පැවැත්වීමට පක්ෂ නායකයන් තීරණය කරයි

Thursday, 24 August 2017 - 19:38

%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1+%E0%B7%83%E0%B6%82%E0%B7%81%E0%B7%9D%E0%B6%B0%E0%B6%B1+%E0%B6%B4%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%99%E0%B6%A7%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BA+%E0%B7%84%E0%B7%99%E0%B6%A7%E0%B6%B8+%E0%B6%B4%E0%B7%90%E0%B7%80%E0%B7%90%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පත අද (24) විවාදයට ගෙන ඊට අදාළ ඡන්ද විමසීම පැවැත්වෙන දිනය සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේදී උණුසුම් තත්ත්වයක් ඇතිවුණා.

එහිදී ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන කියා සිටියේ පනත් කෙටුම්පතට අලූතින් ඉදිරිපත් කර ඇති සංශෝධන 50 ක් සම්බන්ධයෙන් විවාද කිරීම සඳහා තවත් කාලය අවශ්‍ය බවයි.

එහිදී ඇතිවු සංවාදයට සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක, ඩලස් අලහප්පෙරුම, වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරුන් මෙන්ම කතානායක කරූ ජයසූරියද මැදිහත් වුණා.

මේ අතර, අද (24) දහවල් රැස් වූ පක්ෂ නායක රැස්වීමේදී පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වන ඡන්ද විමසීම හෙට (25) පැවැත්වීමට තීරණය කළ බවයි අමාත්‍ය මනෝ ගනේෂන් හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ.