විස්සට උතුරත් කැමති නැහැ

Friday, 25 August 2017 - 7:26

%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B6%A7+%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%90%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90
සියලූම පළාත් සභාවල ඡන්දය එකම දිනයකදී පැවැත්වීම සදහා වන විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට සහයෝගය ලබාදීමට හැකියාවක් නොමැති බව උතුර පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් පවසනවා.

උතුර පළාත් සභාව ඊයේ (24) රැස්වූ අවස්ථාවේදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ නව ව්‍යවස්ථා සංශෝධනය තුළින් පළාත් සභා බලතල පාර්ලිමේන්තුව වෙත පවරා ගැනීමට සූදානම් වන බවයි.

මේ හේතුවෙන් අදාළ සංශෝධනය පිළිබඳව පළාතේ ජනතාවගෙන් සහ මන්ත්‍රීවරුන්ගෙන් මතය විමසිය යුතු බවද ඔහු පෙන්වා දුන්නා.

මේ අතර, ඊයේ දිනයේදී ඌව පළාත් සභාවට අදාළ පනත ඉදිරිපත් කළ අතර, එහිදී වැඩි ඡන්ද 07 කින් එය ජය පරාජයට පත්වුණා.

මීට පෙර උතුරුමැද පළාත් සභාවට මෙම කෙටුම්පත ඉදිරිපත් කළ අවස්ථාවේ එය සම්මත වුණේ වැඩි ඡන්ද දෙකකින්.