නිරුවතින් වසර 5 ක් ගැටගසා සිටි ළමයින් දෙදෙනක් මුදාගත් හැටි මෙන්න

Friday, 25 August 2017 - 9:52

%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%AD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%83%E0%B6%BB+5+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B6%9C%E0%B7%83%E0%B7%8F+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92+%E0%B7%85%E0%B6%B8%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B7%84%E0%B7%90%E0%B6%A7%E0%B7%92+%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1
ලොවම සංවේදී කළ වීඩියෝවක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ වසර 5 ක් තිස්සේ නිරුවතින් බැඳ දමා සිටි කුඩා දරුවන් දෙදෙනෙකු කණ්ඩායමක් විසින් මුදාගන්නා ආකාරයයි.

අදාළ සිදුවීම ඉන්දියාවේ සිදුවූවක් බවටයි වාර්තා වන්නේ.

මෙලෙස ඔවුන් මුදාගෙන ඇත්තේ ළමුන් වෙනුවෙන් ක්‍රියාත්මක වන රාජ්‍ය නොවන සංවිධානයක සාමාජිකයන් පිරිසක් විසින්.

අදාළ දරුවන් දෙදෙනා එකම ප්‍රදේශයක මෙලෙස ගැටගසා සිටියදීයි මොවුන් විසින් එම දරුවන් මුදාගනු ලබන්නේ.

ඉන් වයස අවුරුදු 8 ක් වූ එක් දරුවෙකු බැඳ දමා තිබුණේ ඔහුගේ මිත්තණිය විසින්.

ඒ නිවසේ ඇති ගව ගාලේයි.

75 හැවිරිදි එම දරුවාගේ මිත්තණිය සඳහන් කර තිබුණේ මෙම දරුවා නිවසෙන් පැනගොස් විවධ අපචාර වල නිරතවන හෙයින් මෙලෙස බැඳ දමා සිටි බවයි.

අනෙක් දරුවාගේ වයස 11 හැවිරිදි වියේ පසුවූ අතර එම දරුවා සිය පියා විසින් ගසක ගැටගසා තිබියදීයි ඔවුන් විසින් මුදාගෙන ඇත්තේ.

එම දරුවා පෝලියෝ රෝගයෙන් පීඩා විඳින දරුවෙක් වන අතර ඔහුගේ පියා සිය රැකියාවට යාමට පෙර ඔහු මෙලෙස ගසක ගැටගසා තිබෙනවා.

එම සංවේදී අවස්ථාව පහතින්.