සයිටම් ගැන තීරණාත්මක සාකච්ඡාවක් අද

Friday, 25 August 2017 - 10:15

%E0%B7%83%E0%B6%BA%E0%B7%92%E0%B6%A7%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8%E0%B6%9A+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AF
සයිටම් ගැටලුව සම්බන්ධයෙන් වන තීරණාත්මක සාකච්ඡාවක් අද (25)  දහවල් 12 ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබෙනවා.

මේ සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය,විශ්ව විද්‍යාල කථිකාචාර්යවරුන් ,පීඨාධිපතිවරුන් සහ විශ්ව විද්‍යාල සිසුන්ගේ දෙමාපියන් කිහිප දෙනෙකු සහභාගී වීමට නියමිතයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෙනුවෙන් එහි ලේකම් හරිත අලුත්ගේ, එහි සභාපති අනුරුද්ධ පාදෙනිය යන අය සහභාගී වනවා.

කෙසේ වෙතත් මේ සඳහා සයිටම් පාර්ශ්වයේ කිසිදු පුද්ගලයෙකුට අරාධනා කර නොමැති බවයි සඳහන් වන්නේ.