මිතුරා සමග අධික ලෙස මත්වෙලා බිරිඳට කළ වරදට සැමියාට ලැබුණු දඬුවම

Friday, 25 August 2017 - 10:19

%E0%B6%B8%E0%B7%92%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%8F+%E0%B7%83%E0%B6%B8%E0%B6%9C+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A+%E0%B6%BD%E0%B7%99%E0%B7%83+%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%BD%E0%B7%8F+%E0%B6%B6%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B3%E0%B6%A7+%E0%B6%9A%E0%B7%85+%E0%B7%80%E0%B6%BB%E0%B6%AF%E0%B6%A7+%E0%B7%83%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%A7+%E0%B6%BD%E0%B7%90%E0%B6%B6%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%AF%E0%B6%AC%E0%B7%94%E0%B7%80%E0%B6%B8
තම මිතුරෙකු සමඟ පුද්ගලයෙකු නිවෙස්‌ මත්පැන් සාදයක්‌ පවත්වා එහිදී ඔහු වෙරිමතින් තම බිරිඳට වෙඩි තැබූ බවට වරද පිළිගත් විත්තිකරුවෙකුට වසර 20 කට අත්හිටවූ බරපතළ වැඩ සහිත වසරක සිරදඬුවම් අධිකරණය විසින් නියමකර තිබෙනවා.

නිවසේ පැවැති මත්පැන් සාදයෙන් අනතුරුව වෙරි මතින් තම විවාහක බිරිඳට වෙඩි තැබීම හා ඇය ඝාතනය කිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් ඔහු වරද පිළිගෙන තිබෙනවා.

මෙම පුද්ගලයා විශ්‍රාමික ඉංජිනේරුවකු බවයි  බස්‌නාහිර පළාත්බද මහාධිකරණයේ දී අනාවරණ වුයේ.

වසර 20 කට අත්හිටවූ බරපතළ වැඩ සහිත වසරක සිරදඬුවම් නියමකර ඊට අමතරව එම සිද්ධියේදී බරපතළ තුවාල ලැබූ විත්තිකරුගේ විවාහක බිරිඳට රුපියල් ලක්‌ෂයක වන්දියක්‌ ගෙවීමටද අධිකරණය විත්තිකරුට නියෝග කළා.

ඊට අමතරව විතිත්කරුට රුපියල් 10,000 ක දඩයක්‌ද නියම කළ බවයි අප අධිකරණ වාර්තාකරු කියා සිටියේ.

කටාන දෙමන්හන්දිය මිරිස්‌වත්ත ප්‍රදේශයේ පදිංචි 67 වියැති විශ්‍රාමික ඉංජිනේරු තුෂාර බර්නාඩ් ස්‌ටීවන් නැමැත්තෙකුට මෙසේ දඬුවම් නියම වුනා.

ඔහු එක්‌දරු පියෙක්.

2012 ජුලි මස 19 වැනි දින ඔහුගේ නිවසේදී ඔහුගේ විවාහක බිරිඳට වෙඩි තබා මිනීමැරීමට තැත් කිරීම සම්බන්ධයෙන් විත්තිකරුට එරෙහිව නඩු පවරා තිබුනා.

මෙම සිද්ධියේදී බරපතළ තුවාල ලැබූ පැමිණිලිකාරිය වූයේ දෙමන්හන්දිය පදිංචි බිරිඳ වූ 49 වියැති පර්ල් ඇන්ටනට්‌ පුල්ලේ නමැත්තියයි.

විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා  ඉල්ලා සිටියේ විත්තිකරු බයිපාස්‌ සැත්කමකට ලක්‌වූ වයෝවෘද්ධ අයෙක් නිසා ඔහුගේ වයෝවෘද්ධ හා රෝගී තත්ත්වය සලකා ඔහුට ලිහිල් දඬුවමක්‌ ලබා දෙන ලෙසයි.