Update : පළාත් පාලන ඡන්ද විමසීමේ සංශෝධන පනත් කෙටුම්පත වැඩි ඡන්දයෙන් සම්මතයි

Friday, 25 August 2017 - 12:06

Update+%3A+%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B7%83%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B7%83%E0%B6%82%E0%B7%81%E0%B7%9D%E0%B6%B0%E0%B6%B1+%E0%B6%B4%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%99%E0%B6%A7%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B6%AD%E0%B6%BA%E0%B7%92
පුංචි ඡුන්ද පනත් කෙටුම්පත වැඩි ඡන්දයෙන් සම්මතයි - දේශීය ආදායම් පනත ඉදිරිපත් කිරීමත් කල් යයි

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පත මීට ටික වේලාවකට පෙර පාර්ලිමේන්තුවේ වැඩි ඡන්දයෙන් සම්මත වුණා.

ඊට පක්ෂව ඡන්ද 120 ක් ලැබුණු අතර එහිදී විපක්ෂව ඡන්දය භාවිත වූයේ නැහැ.

මන්ත්‍රීවරුන් 44 දෙනෙකු ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියා.

මේ අතර, පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අද (25) පාර්ලිමේන්තුවේ දීර්ඝ සංවාදයක් පැවතුණා.

ඒ පනත් කෙටුම්පතට අදාළව සිදුකෙරෙන සංශෝධන පිළිබදවයි.

සංශෝධන සම්බන්ධයෙන් කාරක සභා අවස්ථාවේදී රජයේ ක්ෂේත්‍ර නිලධාරින්ට පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් විය නොහැකි බවට වන නියමයට එරෙහි යෝජනාවක් පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් පරාජයට පත්වුණා.

එහිදී ඊට පක්ෂව ඡන්ද 120 ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 44 ක් පමණයි.

පළාත් පාලන ආයතන ඡුන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පතට අදාළ සංශෝධන හේතුවෙන් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ නව දේශීය ආදායම් පනත් කෙටුම්පත ද 30 වනදා ඉදිරිපත් කරන බව මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

Update : Friday, August 25, 2017 12.11
------------------------------------------------
නව පළාත් පාලන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය නිසා පාර්ලිමේන්තුව මේවන විට උණුසුම් තත්වයක් මතු වී තිබෙනවා.

ඒ, තුන් වන වර කියවීමේදී ඡන්දයක් ඉල්ලුවේද නැද්ද යන්න ඇති වූ විවාදය නිසයි

අවසානයේ ඒකාබද්ධ විපක්ෂය ඉල්ලු ඡන්දය ලබා දීමට කතානායක එකඟ වුනා.
 
මෙම පනත් කෙටුම්පතේ ඇති වගන්තියකට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ඉදිරිපත්කළ යෝජනාවකට ද පාර්ලිමේන්තුවේදී මීට ටික වෙලාවකට පෙර  පෙර ඡන්ද විමසීමක් පැවත්වුනා.

අදාළ ඡන්ද විමසීමේදී අදාළ යෝජනාවට පක්ෂව ඡන්ද 43 ක්, විපක්ෂව ඡන්ද 117 ක් ලැබුණා.

පනත් කෙටුම්පතේ දැක්වෙන්නේ සමෘද්ධි , සංවර්ධන සහකාර හා ග්‍රාම නිලධාරී යන ක්ෂේත්‍ර නිලධාරීන්ට පලාත් පාලන ඡන්ද අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්විය නොහැකි බවයි.

ඊට විරුද්ධ බව ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා යෝජනාවක් ඉදිරිපත් කලා.

ඒ සඳහායි ඡන්දය ආරම්භ වූයේ.

මේ සඳහා පාර්ලිමේන්තුවේ ඉලෙක්ට්‍රොනික ඡන්ද විමසීමේ ක්‍රමය භාවිත කළා.