update: කලගෙඩිහේනේ ඉන්ධන පිරවුම්හලක ඇතිවු ගින්න නිවාදැමේ

Friday, 25 August 2017 - 14:50

update%3A+%E0%B6%9A%E0%B6%BD%E0%B6%9C%E0%B7%99%E0%B6%A9%E0%B7%92%E0%B7%84%E0%B7%9A%E0%B6%B1%E0%B7%9A+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%80%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B7%84%E0%B6%BD%E0%B6%9A+%E0%B6%87%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%94+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B7%90%E0%B6%B8%E0%B7%9A
කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ නිට්ටඹුව - කලගෙඩිහේනේ පිහිටි ඉන්ධන පිරවුම්හලේ සහ ඒ අසළ නවතා තිබූ බවුසරයක හට ගත් ගින්න මේ වන විට පාලනය කර තිබෙනවා.

ගම්පහ ගිනි නිවීමේ ඒකකය සඳහන් කළේ අද පස්වරු 2ට පමණ මෙම ගින්න හට ගත් බවයි.

ගින්න මැඬ පැවැත්වීම සඳහා ගම්පහ ගිනි නිවීමේ ඒකකයේ ආපදා රථවලට අමතරව මීගමුවෙන්  සහ කොළඹින් ද ගිනි නිවීමේ රථ පැමිණ ඇති බව සඳහන්.

ගින්න හේතුවෙන් කොළඹ - නුවර මාර්ගය - කලගෙඩිහේන අවට ප්‍රදේශයේ දැඩි රථ වාහන තදබදයක් ද පවතින බවයි හිරු වාර්තාකරුවන් කියා සිටියේ. 

update : Friday, 25 August 2017 - 15.50
----------------------------------------------------------------

කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ නිට්ටඹුව - කලගෙඩිහේනේ පිහිටි ඉන්ධන පිරවුම්හලේ සහ ඒ අසළ නවතා තිබූ බවුසරයක ගින්නක් හටගෙන තිබෙනවා.

ගම්පහ ගිනි නිවීමේ ඒකකය සඳහන් කළේ අද පස්වරු 2ට පමණ මෙම ගින්න හට ගත් බවයි.

මේ වන විටත්  එය මැඩ පැවැත්වීම සඳහා ගිනි නිවීමේ රථ කිහිපයක් පිටත් කර යැවූ බව එම ඒකකය වැඩිදුරටත් සඳහන් කළා.

 ගින්න හේතුවෙන් කොළඹ - නුවර මාර්ගය - කලගෙඩිහේන අවට ප්‍රදේශයේ දැඩි රථ වාහන තදබදයක් ද පවතින බවයි හිරු වාර්තාකරුවන් කියා සිටියේ.