උසස් පෙළ විභාගයේ විෂයන් දෙකක් කල් යයි

Friday, 25 August 2017 - 15:05

%E0%B6%8B%E0%B7%83%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B7%99%E0%B7%85+%E0%B7%80%E0%B7%92%E0%B6%B7%E0%B7%8F%E0%B6%9C%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B7%82%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ලබන මස 2 වන දාට යෙදී ඇති හජ් උත්සවය නිමිත්තෙන් උසස් පෙළ විභාගයේ විෂයන් දෙකක් ලබන මස 4 වන දා දක්වා කල් දමා තිබෙනවා.

විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ ලබන මස 2 වන දා පැවැත්වීමට නියමිතව තිබූ සාමාන්‍ය පොදු පරීක්ෂණය සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ප්‍රශ්න පත්‍රයේ 2 වන කොටස මෙලෙස 4 වන දා දක්වා කල් දමා ඇති බවයි.

ඒ අනුව එදින පෙරවරු 8.30ට සිට 11 දක්වා සාමාන්‍ය පොදු පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය පැවැත්වෙන අතර පස්වරු 12.30ට සිට 3.30 දක්වා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ 2 ප්‍රශ්න පත්‍රය පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව කියා සිටියා.

මේ අතර මුස්ලිම් සිසුන්ට හජ්ජි දිනයේ විභාගයට පෙනී සිටීමට සිදුවුව හොත් තම ආගමික කටයුතු සිදු කිරීමට නොහැකිවීම පිළිබඳ අවධානය යොමු කරන ලෙසට අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ද අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ්ගෙන් ඉල්ලීමක් කර තිබුනා.