ව්‍යාජ ලිපි ලේඛන සැකසූ දෙදෙනෙකු රාගමදී සී.අයි.ඩී අත්අඩංගුවට

Friday, 25 August 2017 - 15:17

%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%A2+%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%92+%E0%B6%BD%E0%B7%9A%E0%B6%9B%E0%B6%B1+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B7%83%E0%B7%96+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%BB%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8%E0%B6%AF%E0%B7%93+%E0%B7%83%E0%B7%93.%E0%B6%85%E0%B6%BA%E0%B7%92.%E0%B6%A9%E0%B7%93+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
ව්‍යාජ ලේඛන සැකසූ සැකකරුවන් දෙදෙනෙකු රාගම ප්‍රදේශයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ව්‍යාජ ලෙස සකසන රියදුරු බලපත්‍ර, නිල මුද්‍රා, රථ වාහන ලියාපදිංචි කිරීමේ සහතික, විවිධ ආයතනවල ලිපි ශීර්ෂ, තැපැල් හැදුනුම්පත් සහ වාහන අංක තහඩු කිහිපයක් සොයා ගෙන ඇති බව සදහන්.

සැකකරුවන් දෙදෙනා කැළණිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ විශ්‍රාමික රියදුරුවරයෙක් සහ විශ්‍රාමික යුද හමුදා නිලධාරියෙක් වන බවයි පොලිසිය සදහන් කළේ.