හිටපු අගමැතිවරියක් රටින් පළායයි

Friday, 25 August 2017 - 17:03

%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BB%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
තායිලන්තයේ හිටපු අගමැතිවරියක වන යින්ලක් ශිනවත් (Yingluck Shinawatra) රටින් පළාගොස් තිබෙනවා.

විදෙස් වාර්තා හිටපු අගමැතිවරියට එරෙහිව පවතින නඩුවක තීන්දුව අද ලබාදීමට නියමිතව තිබියදී ඇය මෙලෙස පළාගොස් ඇති බවයි.

සහල් සහනාධාර වැඩපිළිවෙලක සිදුවු වංචාවකට අදාළවයි යින්ලක් ශිනවත්ට (Yingluck Shinawatra) එරෙහිව නඩුව විභාග කෙරුනේ.

මෙම නඩු කටයුතු සඳහා අධිකරණයට වාර්තා නොකිරීම හේතුවෙන් ඇයට එරෙහිව චෝදනා එල්ලවී තිබුනා.

අසනීප තත්වයක් හේතුවෙන් හිටපු අගමැතිවරියට අධිකරණයට පැමිණීමට නොහැකි බවට ඇයගේ නීතිඥවරුන් දන්වා තිබු බවයි විදෙස් පුවත් සේවාවල දැක්වෙන්නේ.

කෙසේවෙතත් දිගින් දිගටම අධිකරණය මගහැරීම හමුවේ යින්ලක් ශිනවත් (Yingluck Shinawatra) අත්අඩංගුවට ගන්නා ලෙසට අධිකරණය නියෝග කර තිබු අතර ඇයගේ ඇප ද අවලංගු කරනු ලැබුවා.

හිටපු අගමැතිවරිය රටින් පළා යාම හමුවේ මෙම නඩුවේ තීන්දුව ලබන මස 27 වනදා ලබාදීමටයි අධිකරණය තීරණය කර ඇත්තේ.

සහල් සහනාධාර වැඩපිළිවෙල තුලදී තමා කිසිදු නීති විරෝධී ක්‍රියාවක් නොකළ බවට යින්ලක් ශිනවත් (Yingluck Shinawatra) අඛණ්ඩවම අවධාරණය කර තිබුනා.

මෙම සිද්ධිය හේතුවෙන් තායිලන්ත රජයට සිදුව ඇති පාඩුව ඩොලර් බිලියන ගණනක්.

මෙහි නඩුව වසර දෙකක් පුරා විභාග වෙමින් පවතින අතර හිටපු අගමැතිවරිය වරදකරු වුවහොත් ඇයට වසර 10 ක සිර දඩුවමක් මෙන්ම දේශපාලනයට යළිත් පිවිසීමට තහනම් වනු ඇති.