සඳුදා විසඳුමක් ලැබෙන බව වෛද්‍ය සංගමය කියයි

Friday, 25 August 2017 - 19:03

%E0%B7%83%E0%B6%B3%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B6%B3%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BD%E0%B7%90%E0%B6%B6%E0%B7%99%E0%B6%B1+%E0%B6%B6%E0%B7%80+%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%B8%E0%B6%BA+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
සයිටම් ගැටළුව සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතර සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු පාර්ශව කිහිපයක් අතර අද පස්වරුවේ සාකච්ඡාවක් පැවැත්වුණා.

ඊට සෞඛ්‍ය අමාත්‍යවරයා, නීතිපතිවරයා, වෛද්‍ය සභාවේ නියෝජිතයන් හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශ නියෝජිතයන් ඇතුළු පිරිසක් එක්ව සිටියා.

සාකච්ඡාවෙන් අනතුරුව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලූත්ගේ කියා සිටියේ සඳුදා දිනයේ සයිටම් සම්බන්ධයෙන් යම් තීරණයක් ලැබෙනු ඇති බවයි.

මේ අතර, රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැදවුම්කරු රයන් ජයලත් ලබන මස 7 වනදා දක්වා නැවතත් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ, මහජන පීඩා සිදුකරමින් උද්ඝෝෂණයක නිරත වූ බවට කොල්ලූපිටිය පොලිසිය අධිකරණයේ ගොනුකර තිබූ නඩුවකට අද ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.

සිද්ධියට අදාළව මීට පෙර ඔහුට වරෙන්තු නිකුත් කෙරුණා.

එමෙන්ම, සෞඛ්‍ය අමාත්‍යාංශයට බලහත්කාරයෙන් ඇතුළු වී පොදු දේපලවලට හානි කිරීමේ චෝදනාව යටතේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැදවුම්කරු රයන් ජයලත් ලබන 28 වනදා මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද මහේස්ත්‍රාත් දුලානි වීරතුංග අද නියෝග කළා.