අස්ගිරි සහ මල්වතු නාහිමිවරුන්ගෙන් ජනපතිට පැසසුම්

Friday, 25 August 2017 - 19:11

%E0%B6%85%E0%B7%83%E0%B7%8A%E0%B6%9C%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B7%83%E0%B7%84+%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B6%AD%E0%B7%94+%E0%B6%B1%E0%B7%8F%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B7%83%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B7%8A
මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ රන් වියන පිළිසකර කිරීම සඳහා මූල්‍ය ප්‍රතිපාදන පිරිනැමීම සම්බන්ධයෙන් අස්ගිරි - මල්වතු මහනාහිමිවරුන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත  පුණ්‍යානුමෝදනා පූර්වක ස්තූතිය පළ කර තිබෙනවා.

ඒ, ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින්.

එහිදී මල්වතු මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල හිමියන් සහ අස්ගිරි මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ඥානරතන හිමියන් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ජනාධිපතිවරයා වෙත කළ ඉල්ලීමට ක්ෂණික අවදානය යොමු කිරීම පිළිබඳ උන්වහන්සේලා ස්තූතිය පළ කරන බවයි.

ශ්‍රී දළදා මාළිගාවේ රන් වියන ප්‍රතිසංස්කරණය කිරීම සඳහා පසුගිය දා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිය ප්‍රතිපාදනවලින් රුපියල් මිලියන 45ක මූල්‍ය ප්‍රදානයක් සිදුකළා.