කසුන් පලිසේනගෙන් අදත් ප්‍රශ්න කෙරේ

Friday, 25 August 2017 - 19:22

%E0%B6%9A%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%9A%E0%B6%B1%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%81%E0%B7%8A%E0%B6%B1+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
පර්පචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගමේ ගනුදෙනු සිදුකරන කාමරයේ හඬ පටිගත කිරීම් 4ක තොරතුරු අතුරුදන්වීම ගැන අද බැඳුම්කර පිළිබද විමර්ශන කෙරෙන ජනාධිපති කොමිසමේදී නීතිපති දෙපාර්තමේන්තුව ප්‍රශ්න කළා.

ඒ, පර්පචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේනගෙන් හරස් ප්‍රශ්න විමසීම ආරම්භ කරමින්.

මීට පෙර සමාගම කොමිසමට දැනුම් දී තිබුණේ ලබා ගන්නා සහ ලැබෙන දුරකථන ඇමතුම් දත්ත, එම පද්ධතියේ සටහන් නොවන බවයි.

එසේම ඇමතුම් ලබා ගන්නා කාලය ද එහි සටහන් නොවන බව ඔවුන් දැනුම් දී තිබුණා.

කෙසේ වෙතත්, දුරකථන හඬ පටිගත කිරීම් දෙලක්ෂ 40,000ක් පමණ විමර්ශනය කිරීමට අවශ්‍ය බව ප්‍රකාශ කළ නීතිපති දෙපාර්තමේන්තුව පසුගිය සතියේ ඒ සඳහා සතියක කාලයක් ඉල්ලා සිටියා.

එම විමර්ශනවලින් අනතුරුවයි අද පර්පචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේනගෙන් හරස් ප්‍රශ්න විමසීම ආරම්භ කෙරුණේ.

හඬ පටිගත කිරීම් 4ක තොරතුරු අතුරුදන්වීම පිළිබදව විමසූ විට ඔහු සදහන් කළේ ඒ පිළිබද තමන් කිසිවක් නොදන්නා බවයි.

තමන් එහි දත්ත වෙනස් නොකළ බව සදහන් කළ පර්පචුවෙල් ටෙ‍්‍රෂරීස් ප්‍රධාන විධායක නිලධාරියා ඒ පිළිබද සොයා බලා කොමිසමට කරුණු දක්වන බව සඳහන් කළා.

දුරකථන දත්ත සටහන් නොවන බව පර්පචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගම ප්‍රකාශ කළත් එම පද්ධතිය සැකසූ පෞද්ගලික සමාගම ඇමතුම් දත්ත සියල්ල පද්ධතියේ සටහන් වන බව අනාවරණ කළ බවයි නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙහිදී වැඩිදුරටත් සදහන්  කළේ.

ඒ අනුව අදාළ දත්ත පිළිබද පවතින පිටපත් ලබාදෙන ලෙස කොමිසම ප්‍රකාශ කළ අතර, එසේ නොමැති වුවහොත් පද්ධතියේ මුරපදය සහ පරිශීලක නාමය එය සැකසූ සමාගමට ලබාදී තොරතුරු ලබා ගන්නා බව අවධාරණය කළා.