කලගෙඩිහේන ගින්නට, බවුසරයේ රියදුරු සහ සහායක අත්අඩංගුවේ

Saturday, 26 August 2017 - 7:24

%E0%B6%9A%E0%B6%BD%E0%B6%9C%E0%B7%99%E0%B6%A9%E0%B7%92%E0%B7%84%E0%B7%9A%E0%B6%B1+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%A7%2C+%E0%B6%B6%E0%B7%80%E0%B7%94%E0%B7%83%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B7%83%E0%B7%84+%E0%B7%83%E0%B7%84%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B7%9A
නිට්ටඹුව - කලගෙඩිහේන ඉන්ධන පිරවුම්හලේ හට ගත් ගින්නෙන් පසු එහි ගිනි ගත් බවුසරයේ රියදුරු සහ සහායක අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගම්පහ පොලීසිය සදහන් කළේ ඔවුන් අද ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි.

ඔවුන් නොසැලකිලිමත් ලෙස කටයුතු කිරීම හේතුවෙන් මෙම ගිනි ගැනීම සිදුවී ඇති බවටයි මූලික පරීක්ෂණවලින් හෙළි වී ඇත්තේ.

කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ නිට්ටඹුව - කලගෙඩිහේන ඉන්ධන පිරවුම්හලේ මෙම ගින්න හට ගත්තේ ඊයේ පස්වරු 2ට පමණයි.

කෙසේ වෙතත් පැය දෙකකට පමණ පසු ගින්න සම්පූර්ණයෙන් මැඬ පැවැත්වීමට හැකි වුණා.

ගින්නෙන් ජීවිත හානි හෝ තුවාල කිසිවක් වාර්තා නොවුණු අතර, ඉන්ධන පිරවුම්හලට දැඩි හානි සිදුවී තිබෙනවා.

කෙසේ වෙතත්, ඉන්ධන හලට සිදුවූ අලාභය මෙතෙක් ගණන් බලා නැහැ.