ආබාධිත රණවිරුවන්ගේ රථ පෙළපාලිය, මහින්දගේ නිවසට

Saturday, 26 August 2017 - 7:38

%E0%B6%86%E0%B6%B6%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%AD+%E0%B6%BB%E0%B6%AB%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%BB%E0%B6%AE+%E0%B6%B4%E0%B7%99%E0%B7%85%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%2C+%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%83%E0%B6%A7
රණවිරුවන්ගේ ඉල්ලීම් පිළිබඳ ජනාධිපතිවරයා පෞද්ගලිකව මැදිහත් විය යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.

ආබාධිත රණවිරුවන් පිරිසක් සමඟ කොළඹ ඊයේ පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.

විජයග්‍රහණයේ සැමරුම් පැවැත්වීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ජාතික රණවිරු සහයෝගීතා එකමුතුවේ ආබාධිත රණ විරුවන් පිරිසක් අනුරාධපුරයේ සිට රථ පෙළපාලියකින් ඊයේ කොළඹට පැමිණියා.

දින 3ක් පුරා රථ පෙළපාලියෙන් පැමිණි ඔවුන් ජනාධිපති ලේකම් කාර්යාලයට ගොස් සංදේශයක් ද භාර දෙනු ලැබුවා.

පසුව ඔවුන් හිටපු ජනාධිපතිවරයාගේ නිළ නිවසට ගොස් ඔහුට ද සංදේශයක් භාරදීමට කටයුතු කළා.