රටේම අවධානය යොමුවූ ඡන්දය පැවැත්වෙන දිනය ?

Saturday, 26 August 2017 - 7:45

%E0%B6%BB%E0%B6%A7%E0%B7%9A%E0%B6%B8+%E0%B6%85%E0%B7%80%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B6%BA%E0%B7%9C%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%96+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BA+%E0%B6%B4%E0%B7%90%E0%B7%80%E0%B7%90%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%B1+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%BA+%3F
රටේම අවධානය යොමුවූ ඡන්දය පැවැත්වෙන දිනය ?"
පුංචි ඡන්දය ගැන ඉඟියක්

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ පනත් කෙටුම්පත කථානායකවරයා විසින් මැතිවරණ කොමිසම වෙත ලබාදීමට තවත් දින 10ක පමණ කාලයක් ගත වනු ඇති බව එහි සභාපති මහින්ද දේශප්‍රිය පවසනවා.

හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ඔහු සඳහන් කළේ ඒ අනුව දින 75ක් හෝ දින 100ක කාලයකින් පසු මැතිවරණය පැවැත්වීම සඳහා හැකි වනු ඇති බවයි.

කෙසේ නමුත්, මැතිවරණය සඳහා නාම යෝජනා කැදවීම ඔක්තෝම්බර් මුල් සතිය වන තෙක් මැතිවරණ කොමිසම සිදුනොකරන බව ද ඔහු එහිදී කියා සිටියා.

නාම යෝජනා කැදවා  සති 8කින් පසු, සති 10ක් ඉක්ම යාමට පෙර මැතිවරණය පැවැත්වීමට හැකියාව ලැබෙනු ඇති බව ද ඔහු සඳහන් කළා.

කෙසේ නමුත්, මැතිවරණය පැවැත්වෙනු ඇත්තේ දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් අනතුරුවයි.

මේ නිසා මැතිවරණය බොහෝදුරට ලබන වසරේ ජනවාරි මාසයේදී පමණ පැවැත්වෙනු ඇතැයි අපේක්ෂා කරනවා.