මිනුවන්ගොඩදී එකම පවුලේ පියා සහ පුතා ඝාතනය කෙරේ (ඡායාරූප)

Saturday, 26 August 2017 - 9:15

%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B6%AF%E0%B7%93+%E0%B6%91%E0%B6%9A%E0%B6%B8+%E0%B6%B4%E0%B7%80%E0%B7%94%E0%B6%BD%E0%B7%9A+%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B7%83%E0%B7%84+%E0%B6%B4%E0%B7%94%E0%B6%AD%E0%B7%8F+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
මිනුවන්ගොඩ ගමන්ගෙදර ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනෙකු  තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කර තිබෙනවා.

එකම පවුලේ පියෙකු සහ පුතෙකු මෙලෙස ඝාතනයට ලක්ව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

අද උදෑසන 08ට පමණ නිවස අසල, මඟ රැකගෙන සිටි පිරිසක් විසින් මෙලෙස පහරදීම සිදුකර ඇති අතර ඔවුන් තියුණු ආයුධවලින් පියාගේ සහ පුතාගේ හිස සහ ගෙල ප්‍රදේශ වලට පහර දී ඇති බවටයි වාර්තා වන්නේ.

ඝාතනයට ලක්වූ පියා වයස අවුරුදු 48ක සිව්දරු පුද්ගලයෙක් වන අතර පුතා වයස අවුරුදු 20ක අයෙක් බව සඳහන්.

පහර කෑමට ලක්වූ දෙදෙනා මිනුවන්ගොඩ දිසා රෝහලට ඇතුලත් කර ඇති අතර ඒ වනවිටත් ඔවුන් දෙදෙනා මියගොස් සිටි බවටයි වර්තා වන්නේ.

තරුණියකට සිදුකළ විහිළුවක් දුරදිග යාමෙන් සිදුවූ ආරවුලක් මත මෙම ඝාතන සිදුකර ඇති බවයි අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ.

පොලීසිය ප්‍රකාශ කළේ ඝාතනය සම්බන්ධයෙන් ඔවුන්ගේ අසල්වැසි නිවසෙහි සිටි එකම පවුලේ පියා සහ පුතුන් දෙදෙනා අත්අඩංගුවට ගත් බවයි.

දේහයන් මේ වනවිට මිනුවන්ගොඩ දිසා රෝහලේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් මිනුවන්ගොඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.





 



ඡායාරූප - ගම්පහ, ටෝනි කරුණානායක