කොල්ලකෑම්වල නිරත වූ නම ගිය අපරාධකරුවෙකු අත්අඩංගුවට

Saturday, 26 August 2017 - 12:16

%E0%B6%9A%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%9A%E0%B7%91%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%BD+%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B6%AD+%E0%B7%80%E0%B7%96+%E0%B6%B1%E0%B6%B8+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%B4%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
කොළඹ ප්‍රදේශ කිහිපයක නිවාස වලට පැන දේපළ සොරා ගැනීමේ ජාවාරමක නිරත වූ නම ගිය අපරාධකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ බොරලැස්ගමුව, මහරගම, නුගේගොඩ සහ මිරිහාන යන ප්‍රදේශවල මෙම දේපළ සොරා ගැනීම් සම්බන්ධයෙන් පැමිණිලි ලැබී ඇති බවයි.

පසුව ඒ පිළිබදව සිදුකළ පරීක්ෂණවලදී ඊට අදාළව මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහිදී හෙළි වී ඇත්තේ ඔහු මීට පෙර සිදුවූ නිවාස කොල්ලකෑම් කිහිපයකට චෝදනා එල්ල වී ඇති අයෙකු බවයි.

එමෙන්ම ඔහුට එරෙහිව මොරටුව සහ නුගේගොඩ යන මහේස්ත්‍රාත් අධිකරණයන් හි විවෘත වරෙන්තු ද නියම වී තිබෙනවා.

සැකකරු කතරගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු විවිධ නම්වලින් පෙනී සිට ඇති බව ද සඳහන්.