දඹුල්ලේදී තිදරු මවකට තියුණු ආයුධ ප්‍රහාරයක්

Saturday, 26 August 2017 - 14:47

%E0%B6%AF%E0%B6%B9%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%AD%E0%B7%92%E0%B6%AF%E0%B6%BB%E0%B7%94+%E0%B6%B8%E0%B7%80%E0%B6%9A%E0%B6%A7+%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%86%E0%B6%BA%E0%B7%94%E0%B6%B0+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ඉදිරිපිට දී තියුණු ආයුධයකින් සිදුකළ පහරදීමක් හේතුවෙන් තුවාල ලැබූ 38 හැවිරිදි තිදරු මවක් රෝහල් ගත කර තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළද සේවිකාවක් ලෙස සේවය කරන ඇයට ඊයේ රාත්‍රියේ කිසියම් පුද්ගලයෙකු විසින් මෙලෙස තියුණු ආයුධයකින් පහර දී ඇති බවයි.

දෙදෙනා අතර පැවති පෞද්ගලික ආරවුලක් මෙම පහරදීමට හේතු වී තිබෙනවා.

පහර දුන් සැකකාර පුද්ගලයා පොලීසිය අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

මේ අතර යාපනේ - කරෙයිනගර් - වඩුකෝට්ටෙයි ප්‍රදේශයේදී බස් රථ රියදුරෙකුට පුද්ගලයන් පිරිසක් විසින් ඊයේ රාත්‍රියේ තියුණු ආයුධවලින් පහරදී පලාගොස් ඇති බව වාර්තා වනවා.

පහරදීමෙන් බරපතල තුවාල ලැබූ එම පුද්ගලයා මේ වනවිට යාපනය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබනවා.