මිනුවන්ගොඩ පිය පුතු ඝාතනයට හේතුවූ කරුණක් හෙළිවෙයි (ඡායාරූප)

Saturday, 26 August 2017 - 15:40

%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9+%E0%B6%B4%E0%B7%92%E0%B6%BA+%E0%B6%B4%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B7%84%E0%B7%9A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%96+%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
මිනුවන්ගොඩ ගමන්ගෙදර ප්‍රදේශයේදී ඝාතනයට ලක්වු පිය පුතු දෙදෙනාගේ මළ සිරුරු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා රාගම රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙතට යොමු කරන ලෙස මිනුවන්ගොඩ වැඩබලන මහේස්ත්‍රාත් මංගල වර්ණකුලසුරිය නියෝග කර තිබෙනවා.

පරීක්ෂණ පවත්වා මරණයට හේතුව අධිකරණයට දන්වන ලෙසටයි මහේස්ත්‍රාත්වරයා අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට නියෝග කර ඇත්තේ.

එමෙන්ම මෙම ඝාතනය සම්බන්ධයෙන් සාක්ෂිකරුවන් සිටීනම් ලබන 6 වනදා අධිකරණයට ඉදිරි්පත් කරන ලෙසට ද වැඩබලන මහේස්ත්‍රාත්වරයා පොලිසියට ප්‍රකාශකර තිබෙනවා.

ගමන්ගෙදර ප්‍රදේශයේ සිදුවු පිය පුතු ඝාතනය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය අද දහවල් පැවැත්වුනා.

එහිදීයි වැඩබලන මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගයන් ලබාදී ඇත්තේ.

මේ අතර අප වාර්තාකරු සඳහන් කළේ සරුංගල් යැවීමක් පිළිබඳ ඊයේ ඇතිවු ආරවුලක් මත මෙම ඝාතනය සිදුකර ඇති බවට තොරතුරු හෙළිවී ඇති බවයි.

කෙසේවෙතත් ඝාතනයට ලක්වු දෙදෙනා සහ සැකකරුවන් අතර කාලයක සිට පෞද්ගලික ආරවුලක් තිබී ඇතැයි ද අනාවරණ වී තිබෙනවා.

සිද්ධියට අදාළව මේවන විට අසල්වැසි නිවසක පියා සහ පුතුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර මිනුවන්ගොඩ පොලිසියයි විමර්ශණ මෙහෙයවන්නේ. 

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 70, 45 සහ 20 හැවිරිදි වියේ පසුවන අතර, ඔවුන්  ඝාතනය සඳහා යොදාගත් පිහියක්ද පොලීසිය සොයාගෙන තිබෙනවා.







ඡායාරූප - මිනුවන්ගොඩ ටෝනි කරුණානායක