හෙරොයින් ජාවාරම්කරුවෙකු හබරණදී අත්අඩංගුවට

Saturday, 26 August 2017 - 15:49

%E0%B7%84%E0%B7%99%E0%B6%BB%E0%B7%9C%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A2%E0%B7%8F%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B7%84%E0%B6%B6%E0%B6%BB%E0%B6%AB%E0%B6%AF%E0%B7%93+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
පොළොන්නරුව, දඹුල්ල, සීගිරිය ඇතුලූ ප්‍රදේශ රැසකට හෙරොයින් බෙදාහැරීමේ නිරත පුද්ගලයෙකු හබරණ - මීගස්වැව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හබරණ පොලීසියේ බුද්ධි අංශ නිලධාරීන් කණ්ඩායමක් විසින් උපාය දුතයෙකු මාර්ගයෙන් මොහුව අත්අඩංගුවට ගත් බවයි හබරණ පොලීසිය සඳහන් කළේ.

ඔහු ළඟ තිබී හෙරොයින් ග්‍රෑම් 3 යි මිලිග්‍රෑම් 800 ක්ද සොයාගෙන ඇති බව සඳහන්.

සැකකරු කැළණිය ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙක්.