කතරගම බස්නායක නිලමේට එරෙහිව පොල් ගසයි - ඉල්ලා අස්නොවන බව නිලමේ කියයි

Saturday, 26 August 2017 - 19:18

%E0%B6%9A%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B6%B8+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B8%E0%B7%9A%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9C%E0%B7%83%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F+%E0%B6%85%E0%B7%83%E0%B7%8A%E0%B6%B1%E0%B7%9C%E0%B7%80%E0%B6%B1+%E0%B6%B6%E0%B7%80+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B8%E0%B7%9A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ඵෙතිහාසික රුහුණු - කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ තනතුරෙන් තමා ඉල්ලා අස් නොවන බව ඩී.පී. කුමාරගේ පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ මහනුවර අද (26) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මේ අතර, ප්‍රදේශවාසීන් පිරිසක් කතරගම බස්නායක නිලමේ කාර්යාලය ඉදිරිපිටදී අද උදෑසන විරෝධතාවක නිරතවුණා.

ඒ, කතරගම දේවාලයෙහි යතුරු සම්බන්ධයෙන් පසුගියදා ඇති වූ අර්බුදයට විරෝධය පළ කරමින්.

එම විරෝධතාකරුවන් පසුව බස්නායක නිලමේවරයාට විරෝධය දක්වමින් පොල් ගසා දේව කන්නලව්වකද නිරත වුණා.

කතරගම බස්නායක නිලමේ කාර්යාලය ඉදිරිපිට පැවති විරෝධතාව සම්බන්ධයෙන් අදහස් පළ කිරීම සඳහා මහනුවර අද කැඳවා තිබූ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ ඵෙතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ ඩී.පී.කුමාරගේ කියා සිටියේ පිටස්තරයින් පිරිසක් මෙලෙස විරෝධතාවයේ නිරත වූ බවයි.

ඔවුන් ප්‍රකාශ කරන අන්දමට තමන් තනතුරෙන් ඉවත් වීමට සූදානම් නොමැති බව ද ඔහු එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළා.