පළාත්පාලන මැතිවරණ පනතින් තරුණ නියෝජනයට තැනක් නොමැතිවීම ගැන කොමිසමේ සභාපති කනස්සල්ලෙන්

Saturday, 26 August 2017 - 19:22

%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1+%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB+%E0%B6%B4%E0%B6%B1%E0%B6%AD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%AD%E0%B7%90%E0%B6%B1%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%93%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B7%9A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B6%B1%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%99%E0%B6%B1%E0%B7%8A
පළාත්පාලන ඡන්ද විමසීම මෙම වසරේ දෙසැම්බර් 9 හෝ ඊට ප්‍රථම දිනයක පැවැත්වීමට උපරිම උත්සාහයක යෙදෙන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පවසනවා.

හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ඔහු මේ බව සඳහන් කළා.

‘‘සාමාන්‍ය යෙන් කථානායකතුමාට මේවගෙ සංශෝධන ගොඩක් තියෙන පනතක් සහතික කිරීම සඳහා සති දෙකක වගේ කාලයක් යනවා. නමුත් අපි හිතනවා සැප්තැම්බර් 15 වැනිදාට කලින් මෙය අපට ලැබේවි කියලා. එම පනත ලැබිලා අපේ අතට අනිවාර්යෙන්ම අවම වශයෙන් අපිට දින 75 ක් ඕන ඡන්දය තැබීම ගැන හිතන්නවත්. ඡන්ද හිමි නාමලේඛනය 2017 අපි පාවිච්චි කරන්න යනවානම් අපට ඡන්ද විමසීමේ දැන්වීම නිකුත් කරන්න පුළුවන් ඔක්තෝම්බර් දෙවැනිදායින් පස්සේ. 2,3,4,5 වෙන්නත් පුළුවන්. අපට පෙනී ගියපු කරුණක් තමයි නාමයෝජනා දැන්වීමේ සිට දින 60 ක කාලයක් අනිවාර්යෙන්ම අවම වශයෙන් ඕන. අවම දින 60 ගත්තොත් එදා ඉඳලා අපි උපරිම උත්සාහයක් දරනවා මේ අවුරුද්දේ දෙසැම්ර් 9 වැනිදා හෝ ඊට පෙර තියන්න. ’’

ඊයේ දිනයේදී පාර්ලිමේන්තුවේ සම්මත වූ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පතේ දක්වා තිබුණු නාමයෝජනා ලැයිස්තුවේ තරුණ අපේක්ෂකයින් 30% ක් සිටිය යුතු බවට වූ යෝජනාව ද ආණ්ඩු පක්ෂය විසින් ඉවත් කරගනු ලැබුවා.

පළාත්පාලන ආයතන ඡන්ද විමසීමේ කෙටුම්පත මගින් තරුණ නියෝජනය ඉවත් කිරීම පිළිබඳව සහ රජයේ ක්‍ෂේත්‍ර  නිලධාරීන්ට මැතිවරණයට ඉදිරිපත්වීමට ඇති නොහැකියාව සම්බන්ධයෙන් ද මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මෙලෙස අදහස් පළ කළා.

‘‘88, 89 තරුණ කැරැල්ලෙන් පස්සේ පත්කරපු තරුණ අසහනය පිළිබඳ කමිටුවේ නිර්දේශ මත 40‍% ක තරුණ අපේක්ෂකයින් ඇතුළත් කිරීමේ අනාවර්ය නියමයක් තිබුණා. නමුත් 2012 සංශෝධන පනතේදී එම අනිවාර්ය නියමය ඉවත් කරලා 25‍% ක් හැකිය කියාල දැම්මා. නමුත් ජුනි 20 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරපු සංශෝධන පනත් කෙටුම්පතේ 30‍% ක තරුණ නියෝජනයක් අනිවාර්ය කරලා තිබුණා. නමුත් මේක 25 වැනිදා ඡන්ද විමසීමේ අවස්ථාවේදී මෙය ඉවත්වෙලා තියෙනවා. ඒ අනුව දැන් අනිවාර්ය තරුණ නියෝජනයක් නැහැ. අපි කනගාටු වෙනවා තරුණයින්ට නිශ්චිත නියෝජනයක් නැතිවීම ගැන’’