update: ෆේස් බුක් යළි යථා තත්වයට

Saturday, 26 August 2017 - 19:41

update%3A+%E0%B7%86%E0%B7%9A%E0%B7%83%E0%B7%8A+%E0%B6%B6%E0%B7%94%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%BA%E0%B6%AE%E0%B7%8F+%E0%B6%AD%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B6%A7
බිඳවැටීමකට ලක්ව තිබු ෆේස් බුක් සමාජ ජාල වෙබ් අඩවිය යළිත් යථා තත්වයට පත්ව තිබෙනවා.

තාක්ෂණික දෝශයක් හේතුවෙන් අදාළ බිඳ වැටීම සිදුව ඇතැයි විශ්වාස කෙරෙන අතර ෆේස් බුක් සමාගම මෙතෙක් ඒ පිළිබඳ කිසිවක් ප්‍රකාශකර නැහැ.

පැයකට ආසන්න  කාලයක් සමාජ ජාල වෙබ් අඩවිය බිඳවැටී තිබු අතර ඒ හේතුවෙන් ලොව පුරා ෆේස් බුක් පරිශීලකයන් රැසක් දැඩි අපහසුතාවට ලක්ව සිටියා.

update: Saturday, 26 August 2017 - 21.27
------------------------------------------------------
ලොව පුරා ෆේස් බුක් සහ ඉන්ස්ටග්‍රැම් සමාජ ජාල බිඳවැටී තිබෙනවා.

තාක්ෂණික දෝශයක් මීට හේතුව බවටයි හෙළිවී ඇත්තේ.

මෙම තත්වය මත විශාල පිරිසක් ට්විටර් ඔස්සේ අදහස් හුවමාරු කර ගනිමින් සිටින බව විදෙස් පුවත් සේවා පෙන්වා දෙනවා.

මීට දින කිහිපයකට පෙර ද ෆේස් බුක් සමාජ ජාලය හදිසියේ බිඳවැටීමකට ලක්ව තිබුනා.

කෙසේවෙතත් අද සිදුවු බිඳවැටීම පිළිබඳ ෆේස් බුක් ආයතනය මෙතෙක් කිසිදු නිවේදනයක් නිකුත් කර හෝ කිසිදු ප්‍රකාශයක් නිකුත් කර නැහැ.

මෙම බිඳවැටීම හේතුවෙන් මේවන විට ෆේස් බුක් පරිශීලකයන්ට post share කිරීමට හෝ articles හෝ ඡායාරූප post කිරීමට මෙන්ම link share කිරීමට හැකියාවක් නොමැති බව සඳහන්.

කඩිනමින් මෙය යථා තත්වයට පත් කිරීමට ෆේස් බුක් සමාගම කටයුතු කරමින් සිටින බව ද විදෙස් පුවත් සේවාවල දැක්වෙනවා.