‘‘හාවි’’ සුළි සුළඟින් ඇමරිකාවට විනාශකාරී ජල ගැල්මක අවදානමක්

Sunday, 27 August 2017 - 7:51

%E2%80%98%E2%80%98%E0%B7%84%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E2%80%99%E2%80%99+%E0%B7%83%E0%B7%94%E0%B7%85%E0%B7%92+%E0%B7%83%E0%B7%94%E0%B7%85%E0%B6%9F%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%8F%E0%B7%81%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%93+%E0%B6%A2%E0%B6%BD+%E0%B6%9C%E0%B7%90%E0%B6%BD%E0%B7%8A%E0%B6%B8%E0%B6%9A+%E0%B6%85%E0%B7%80%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
වසර 13 කට පසු ඇමරිකාවට හැමූ ප්‍රචන්ඩතම සුළි කුණාටුව වන හාවි සුළි සුළඟ මේ වනවිට දුර්වලවී ඇතත්, ඒ නිසා හටගත් වර්ෂාපතනය සහ ජල ගැලීම් තත්ත්වය තවදුරටත් වර්ධනය වෙමින් පවතිනවා.

ඇමරිකානු ජාතික සුළි සුළං මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ මේ නිසා ජීවිතවලට තර්ජන එල්ල කරන විනාශකාරී ජල ගැල්මක් ඇතිවිය හැකි බවයි.

සුළි සුළඟ නිසා විදුලි සැපයුම් මාර්ගවලට සිදුවූ විනාශය හේතුවෙන් ටෙක්සාස් ප්‍රාන්තයේ දහස් සංඛ්‍යාත ජනතාව තවමත් අඳුරේ සිටින බව සඳහන්.

කඩාවැටුණු ගොඩනැගිලිවල සුන්බුන් අතර ඇතමුන් සිරවී සිටින බව වාර්තාවන අතර, සුළි සුළඟත් සමග නිවසක ඇතිවූ ගින්නකින් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

ටෙක්සාසයේ වෙරළාසන්න සහ ඊට තදාසන්න ප්‍රදේශවල මිලිමීටර 1000 ඉක්මවූ වර්ෂාපතනයක් ලැබී ඇති අතර, සුළි සුළෙඟ් කේන්ද්‍රය පිහිටි කෝපස් ක්‍රිස්ටි සහ හියුස්ටන් ජලගැලීම් අවදානමට ලක්වන ප්‍රධාන නගර ලෙස නම් කර තිබෙනවා.

පැයට කිලෝමීටර 215 ක පමණ වේගයකින් හැමූ සුළි සුළෙඟ් වේගය මේ වනවිට පැයට කිලෝමීටර 112 දක්වා පහත වැටී ඇති අතර, දැන් එය ඝර්ම කලාපීය සුළි සුළඟක් ලෙසයි හැඳින්වෙන්නේ.

ජීවිතාරක්ෂක සහ සහන මෙහෙයුම් සඳහා හමුදා සෙබළුන් 1800 කට වැඩි පිරිසක් යොදවා තිබෙනවා.

සුළි සුළඟ නිසා ආධාර පැතූ යාත්‍රාවල සිටි පුද්ගලයන් 18 දෙනෙකු වෙරළාරක්ෂකයන් විසින් බේරාගනු ලැබුවා.

ජාතික ආපදා තත්ත්වයක් නම් කෙරුණු ටෙක්සාස් ප්‍රාන්තය වෙත මධ්‍යම රජය මගින් මුදල් ප්‍රතිපාදන මුදාහැරීමට ජනපති ට්‍රම්ප් ඊයේ කටයුතු කළා.

මේ අතර මෝසම් වැසි සමග ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ ඇතිවූ ජල ගැල්මෙන් මියගිය සංඛ්‍යාව 440 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එහි දිස්ත්‍රික්ක 19 ක එක්කෝටි හැත්තෑ එක් ලක්ෂයක් ජනතාව ජල ගැල්මෙන් පීඩාවට පත්ව සිටින අතර, සහන මෙහෙයුම් සඳහා ඉන්දීය රුපියල් කෝටි 500 ක් මුදාහරින බව අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඊයේ ප්‍රකාශයට පත් කළා.