මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

Sunday, 27 August 2017 - 8:53

%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B6%A7+%E0%B6%B1%E0%B7%92%E0%B7%82%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92+%E0%B6%85%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
වැලිපැන්න - තල්ගස්ගොඩ මංසන්ධියේදී මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමග සැකකරුවෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුව සැකකරුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී ටී 56 ගිනි අවියක මැගසින් එකක්, මන්නා පිහියක්, යුද හමුදා පොලිස් නිල ඇඳුමක් සහ මිලිමීටර 9 ගිනි අවියක උණ්ඩයක් පොලිස් භාරයට ගෙන ඇති බව සඳහන්.

42 හැවිරිදි සැකකරු යුද හමුදා පොලිස් බලකායේ සේවය කරමින් සිටියදී ස්වයංක්‍රීය ගිනි අවියක් ළඟ තබාගැනීමේ චෝදනාවට අත්අඩංගුවට ගෙන සේවයෙන් ඉවත් කළ අයෙකු බවටයි අනාවරණ වී ඇත්තේ.