මිනුවන්ගොඩ පිය, පුතු ඝාතනයේ සැකකරුවන් රිමාන්ඩ්

Sunday, 27 August 2017 - 16:03

%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9+%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%2C+%E0%B6%B4%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A
ගම්පහ - මිනුවන්ගොඩ - ගමන්ගෙදර ප්‍රදේශයේදී තියුණු ආයුධවලින් පහර දී පියෙකු සහ  පුතෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරුවන් 3 දෙනා ලබන මස 6 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ, ඔවුන් අද මිනුවන්ගොඩ වැඩබලන මහේස්ත්‍රාත් සිසිර විජේසූරිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

ඊට අමතරව සිද්ධිය සම්බන්ධයෙන් තවත් 15 දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ක්‍රියාත්මක බව ද මිනුවන්ගොඩ පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබෙනවා.

සරුංගල් යැවීමේදී ඇති වූ ආරවුලක් මුල් කර ගනිමින් මෙම පියා සහ පුතා ඝාතනය කර තිබුණේ ඊයේ දිනයේයි.