හිටපු ඇමති ජයරත්න හේරත් ඒකාබද්ධයට

Sunday, 27 August 2017 - 19:17

%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%A2%E0%B6%BA%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%B1+%E0%B7%84%E0%B7%9A%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A+%E0%B6%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B6%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B6%BA%E0%B6%A7
තමන් ඒකාබද්ධ විපක්ෂයට සහය පළ කරන බව නිදහස් පක්ෂ හිටපු අමාත්‍ය ජයරත්න හේරත් පවසනවා.

ඒකාබද්ධ විපක්ෂය කුරුණෑගල සංවිධාන කර තිබූ ජන හමුවකට එක්වෙමිනුයි ඔහු මේ බව ප්‍රකාශ කරනු ලැබුවේ.

ජයරත්න හේරත් දැනට පොල්ගහවෙල නිදහස් පක්ෂ ආසන සංවිධායක ලෙස කටයුතු කරනවා.

මේ අතර, කොළොන්න ප්‍රදේශයේ අද පැවැති ජන හමුවකට එක්වූ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීනී පවිත්‍රා වන්නිආරච්චි කියා සිටියේ ඉදිරියේ පැවැත්වෙන ඕනෑම මැතිවරණයක් ජයග්‍රහණය කිරීමට ඒකාබද්ධ විපක්ෂය හැකියාව පවතින බවයි.