මන්ත්‍රීවරුන් 07 දෙනෙකුට නිදහස් පක්ෂ සාමාජිකත්වය අහිමි වන ලකුණු

Sunday, 27 August 2017 - 19:24

%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+07+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B7%83%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%A2%E0%B7%92%E0%B6%9A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA+%E0%B6%85%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92+%E0%B7%80%E0%B6%B1+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94
පක්ෂ ව්‍යවස්ථාව උල්ලංගණය කිරීමේ චෝදනාව මත එළඹෙන සතියේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 07 දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට තීරණය කර ඇති බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළා.

මෙසේ පක්ෂ සාමාජිකත්වය අහෝසි වුවහොත් ඔවුන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය ද 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව අහෝසි වී යාමට නියමිතයි.

මෙලෙස පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට සූදානම් වන නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන්නේ ප්‍රසන්න රණතුංග, සනත් නිශාන්ත, පවිත්‍රා වන්නිආරච්චි, රෝහිත අබේගුණවර්ධන, දිලුම් අමුණුගම, ලොහාන් රත්වත්තේ සහ ප්‍රසන්න රණවීරයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 99 වන ව්‍යවස්ථාවේ 13 (අ) අනු ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව දක්වා ඇත්තේ දේශපාලන පක්ෂයකින් හෝ ස්වාධීන කණ්ඩායමකින් පහ කරන ලද අවස්ථාවක, එසේ වූ දිනයේ සිට මාසයක කාලසීමාවක් ඉකුත් වූ විට එම මන්ත්‍රීවරයාගේ අසුන හිස් වන බවයි.

මේ අතර, නිදහස් සන්ධාන මහලේකම්, අමාත්‍ය මහින්ද අමරවීර, තිස්සමහාරාම ප්‍රදේශයේ අද පැවැති උත්සවයකට එක්වෙමින් කියා සිටියේ පසුගිය රජයේ වංචා වලට සම්බන්ධ පුද්ගලයින් සිටින්නේ නම්, ඔවුන්ට විරුද්ධව කටයුතු කළ යුතු බවයි.