උසස් පෙළට පෙනී සිටින සිසුවියකට වැල්ලම්පිටියේදී පහර දෙයි

Sunday, 27 August 2017 - 19:31

%E0%B6%8B%E0%B7%83%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B7%99%E0%B7%85%E0%B6%A7+%E0%B6%B4%E0%B7%99%E0%B6%B1%E0%B7%93+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%B1+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB+%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B7%92
කොළොන්නාව - වැල්ලම්පිටිය ප්‍රදේශයේ නිවසකට කිසියම් පිරිසක් ඇතුළු වී සිදුකළ පහරදීමකින් මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුවියක් ඇතුළු 3 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

සිද්ධියෙන් මෙම සිසුවියට අමතරව තුවාල ලබා ඇත්තේ ඇයගේ මව සහ පියායි.

ඔවුන් මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබනවා.

ඊයේ රාත්‍රියේ 25 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් පැමිණ නිවසේ දේපළවලට අලාභ හානි කරමින් එහි සිටි නිවැසියන්ට පහර දී ඇති අතර, කලක සිට පැවැති ආරවුලක් මෙම සිද්ධියට මුල් වන්නට ඇති බවට පොලීසිය සැක පළ කරනවා.