බාල වයස්කාර දැරියන් තිදෙනෙක් හලාවත මුහුදු වෙරළට රැගෙන ගිය තරුණයෙක් රිමාන්ඩ්

Monday, 28 August 2017 - 9:15

%E0%B6%B6%E0%B7%8F%E0%B6%BD+%E0%B7%80%E0%B6%BA%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB+%E0%B6%AF%E0%B7%90%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%92%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B6%BD%E0%B7%8F%E0%B7%80%E0%B6%AD+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B7%94+%E0%B7%80%E0%B7%99%E0%B6%BB%E0%B7%85%E0%B6%A7+%E0%B6%BB%E0%B7%90%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A
බාල වයස්කාර දැරියන් තිදෙනෙකු මෝටර් රථයකින් හලාවත ප්‍රදේශයට ගෙනගිය බව කියන 25 හැවිරිදි පුද්ගලයෙකු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කුලියාපිටිය වැඩබලන මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ  නියෝග කළා.

අදාල පුද්ගලයා කුලියාපිටිය ප්‍රදේශයේ උපකාරක පන්ති පැමිණි බාල වයස්කාර දැරියන් තිදෙනෙකු මෙලෙස මෝටර් රථයක දමාගෙන රැගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත්තේ කුලියාපිටිය, පල්ලෙවෙල ප්‍රදේශයේ යතුරුපැදි සේවා සපයන ආයතනයක සේවය කරන තරුණයෙක් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

පසුගිය සෙනසුරාදා පෙරවරුවේ උපකාරක පංතියක් සඳහා පැමිණ ඇති මෙම දැරියන් තිදෙනාගෙන් එක් අයෙකු තමන්ට නිවසේ ප්‍රශ්න ඇති බව පවසා නිවසින් පිටව යාමට අවශ්‍ය බව සෙසු දැරියන් දෙදෙනාට පවසා තිබෙනවා.

අනතුරුව එක් සිසුවියකගේ ප්‍රේම සම්බන්ධතාවයක් මත හඳුනාගෙන ඇති අදාල තරුණයා මේ සම්බන්ධයෙන් දැනුවත් කර ඇති අතර පසුව ඔහු මෝටර් රථයකින් කුලියාපිටිය, මීගහකොටුව ප්‍රදේශයට පැමිණ දැරියන් තිදෙනා හලාවත මුහුදු වෙරළට රැගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ඔවුන් ඊයේ උදෑසන නැවත නිවෙස් වෙත පැමිණ ඇති අතර දෙමව්පියන් විසින් පොලිසිට දැනුවත් කර ඇති බවයි අප වාර්තාකරු සදහන් කළේ.

පොලිස් මූලික විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ නිවසේ ගැටළු ඇතැයි කී දැරිය මීට පෙර මත්ද්‍රව්‍ය පාසල තුලට රැගෙනයාමක් සම්බන්ධව ඇය අධ්‍යාපනය ලැබූ පාසලෙන් වෙනත් පාසලකට මාරුකර යවා ඇති බවයි.

සිද්ධිය වූ සෙනසුරාදා දිනයේ ද මෝටර් රථයෙන් හලාවත බලා පිටත්වීමට පෙර ඇය දෙවතාවක් නිවසට ගොස් එහි දොරගුළු කඩා ලැප්ටොප් වර්ගයේ පරිඝනකයක්, මවගේ ජංගම දුරකථනය සහ ඇදුම් කිහිපයක්ද  රැගෙනගොස් තිබෙනවා.

අදාල දැරියන් 14 සහ 15 යන වයස් සීමා වල පසුවන්නන් වන අතර ඔවුන් වෛද්‍ය පරීක්ෂණයක් සඳහා රෝහල් ගතකර ඇති අතර සැකකාර තරුණයා අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණා.