උසස් පෙළ තවත් ප්‍රශ්න පත්‍රයක ප්‍රශ්න පිට වෙයි !

Monday, 28 August 2017 - 9:21

%E0%B6%8B%E0%B7%83%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B7%99%E0%B7%85+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%81%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%81%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92+%21
උසස් පෙළ රසායන විද්‍යා ප්‍රශ්න පිටවීමේ සිද්ධියේ තව තවත් තොරතුරු අනාවරණය වෙමින් පවතිනවා.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පාසල් සිසුවා විභාගයට මුහුණ දෙන අවස්ථාවේ උපකාරක පන්ති ගුරුවරයාට ප්‍රශ්න යවා පිළිතුරු ලබාගෙන ඇතැයි කලින් අනාවරණ වූ අතර ඒවා යවා ඇත්තේ තාක්ෂණික උපකරණ මාර්ගයෙන් බව ද අනාවරණ වුනා.

කෙසේ වෙතත් දැන් අනාවරණ වී ඇත්තේ විභාගය අතරතුරදී තවත් ටියුෂන් ගුරුවරයකු ජීව විද්‍යා ප්‍රශ්න පත්‍රයට ද පිළිතුරු ලබා දී ඇති බවයි.

ඒ අනුව රසායන විද්‍යා ප්‍රශ්න පමණක් නොව ජීව විද්‍යා ප්‍රශ්න ද අදාළ තාක්ෂණික උපකරණ මගින් අදාළ ගුරුවරුන් වෙත යවා උත්තර ලබාගෙන ඇතැයි පොලිසිය හෙළි කරගෙන තිබෙනවා.

ජීව විද්‍යා ටියුෂන් ගුරුවරයා සහ රසායන විද්‍යා ටියුෂන් ගුරුවරයා සිසුවාගේ නිවසේ සිට පිළිතුරු ඒවා ඇති බවයි හෙළි වී ඇත්තේ.

පාදයෙන් ක්‍රියා කරන තාක්ෂණික උපකරණයක් ආධාරණයෙන් සිසුවා කමිස බොත්තමක් සේ තිබු තවත් තාක්ෂණික උපකරණයකින්(කැමරාවකින්) ප්‍රශ්න පත්‍රයේ ඡායාරූපයක් ගෙන සිය නිවසේ පරිගණයකයට යවා ඇතැයි ද, සිසුවාගේ නිවසේ සිටි ජීව විද්‍යා ටියුෂන් ගුරුවරයා සහ රසායන විද්‍යා ටියුෂන් ගුරුවරයා සිසුවාගේ කනේ සවි කළ උපකරණයෙන් පිළිතුරු ශ්‍රවණය කිරීමට සලස්වා ඇති ද හෙළි වී තිබෙනවා.

අත්අඩංගුවට ගත් සිසුවා හා දත් දොස්තර පියාගෙන් ප්‍රශ්න කිරීමේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම කරුණු හෙළි කරගෙන තිබෙනවා.

විභාගයට පෙර ටියුෂන් ගුරුවරු දෙදෙනා හා සිසුවා මේ සඳහා පෙර පුහුණුවීමක් ද සිදු කර තිබෙනවා.

ඒ,  බොරැල්ලේ කොටා පාරේ පිහිටි වෛද්‍යවරයාගේ නිවසේ දී.

විභාගයට පෙර දිනයන්හි සිසුවා එම නිවසේ උඩු මහළට ගොස් පෙරහුරු ප්‍රශ්න පත්‍රයක් ලියන අතරතුර මෙම උපකරණය ආශ්‍රයෙන් එහි ඡායාරූප  බිම් මහලේ ඇති පරිගණකයට එවා එහි සිටි ටියුෂන් ගුරුවරු දෙදෙනා එහි පිළිතුරු කියාදෙමින් තාක්ෂණික උපකරණයේ ක්‍රියාකාරිත්වය දින කිහිපයක් ම අත්හදා බලා ඇති බවයි වාර්තා වන්නේ.

මෙම තක්ෂණික උපකරණ කට්ටලයේ මිල ඇමෙරිකා ඩොලර් 900කට (රුපියල් 137700)ක් පමණ වන බවද , ඒ සඳහා මුදල් දරුවාගේ පියා වන පොලිස් රෝහලේ වෛද්‍යවරයාගේ ක්‍රෙඩිට් කාඩ්පතින් ගෙවා ඇති බවද තවදුරටත් හෙළි වී තිබෙනවා. විභාගයේදී සිසුවාට පිළිතුරු කියාදීම වෙනුවෙන් රසායන විද්‍යා ටියුෂන් ගුරුවරයාට රුපියල් දස ලක්ෂයක මුදලක් ලබාදුන් බවද මිට පෙර අනාවරණ වුනා.

කෙසේවෙතත් අදාළ උපකරණය තවම  සොයා ගෙන නොමැති බව සඳහන්.

රසායන විද්‍යා ටියුෂන් ගුරුවරයාට දුන් බව කියන රු දස ලක්ෂයෙන් රුපියල් නව ලක්ෂ අනූ දහසක් ගුරුවරයාගේ නිවසේ ඇඳක් යට තීබී සොයා ගෙන තිබුනා.

රසායන විද්‍යා ටියුෂන් ගුරුවරයාගේ පියා, සහෝදරයෙක් සහ අනුමාන ප්‍රශ්න පත්‍රයක් මුද්‍රණය කළ බව කියන මුද්‍රණාලයක පුද්ගලයෙක් සහ කොළඹ ප්‍රධාන පෙළේ පාසලක සිසුවා සහ සිසුවාගේ පියා වන වෛද්‍යවරයාද රක්ෂිත බන්ධනාගාර ගතකර සිටිනවා.

වංචාවට සම්බන්ධ බව කියන කියන ටියුෂන් ගුරුවරුන් දෙදෙනා සොයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ පවත්වමින් සිටිනවා.