රයන් ජයලත් යළි රිමාන්ඩ්

Monday, 28 August 2017 - 11:20

%E0%B6%BB%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A2%E0%B6%BA%E0%B6%BD%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A
වෛද්‍යපීඨ ශිෂ්‍ය කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් මේ මස 30 දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාරගත කළා.

ඒ, මාළිගාකන්ද ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඔහු අද (28) ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.

වෛද්‍යපීඨ ශිෂ්‍ය කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් මිට පෙර අධිකරණයට භාර වුණේ  සිය නීතිඥවරුන් මාර්ගයෙන්.

අධිකරණයේ පෙනී නොසිටි වෛද්‍යපීඨ ශිෂ්‍ය කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් ඇතුළු 05 ක් අත්අඩංගුවට ගන්නැයි පසුගිය 10 වන දා වරෙන්තු නිකුත් කර තිබුණා.

රයන් ජයලත් මීට පෙර කොළඹ විද්වත් වෘත්තිකයන්ගේ ශාලා පරිශ්‍රයේ දී අත්අඩංගුවට ගැනීමට යාමේ දී උණුසුම් තත්වයක් ඇති වුව ද අනතුරුව විවිධ උද්ඝෝෂණ හා රැස්වීම්වල රයන් ජයලත් සිටිනු දක්නට ලැබුනා.

සෞඛ්‍ය අමාත්‍යංශ ගොඩනැගිල්ලට බලහත්කාරයෙන් ඇතුළු වීම හා එහි දේපළවලට අලාභ හානි කිරීම ඔහුට එල්ල වී ඇති චෝදනාවයි.