අනතුරකින් මියගිය තරුණයෙක් තවත් ජීවිත දෙකක් බේරාගනී (ඡායාරූප)

Monday, 28 August 2017 - 11:58

%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B6%E0%B7%9A%E0%B6%BB%E0%B7%8F%E0%B6%9C%E0%B6%B1%E0%B7%93+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
බිබිලේ තරුණයෙකු රිය අනතුරකින් බරපතල තුවාල ලබා අම්පාර මුලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මොලය මිය ගිය පසු ඔහුගේ වකුගඩු දන්දීමට දෙමාපියන් කටයුතු කළ පුවතක් වාර්තාවනවා.

බිබිල දැවකැටිය ගම්මානයේ පදිංචිව සිටි කේ.වයි ලක්ෂාන් ප්‍රමෝද්‍ය නමැති 19 හැවිරිදි තරුණයාගේ වකුගඩු දෙකයි මෙලෙස දන්දෙනු ලැබුවේ.  

වකුගඩු අක්‍රීයට රෝගීව සිටි කිලිනොච්චියේ දමිල කාන්තාවකට සහ කුරුණැගල තරුණයෙකුට මෙම තරුණයාගේ වකුගඩු දෙක සාර්ථකව බද්ධ කර තිබෙනවා.

අම්පාර මහ රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී තරුණයාගේ මොලය මියගොස් ඇති බවත් කෘතීම ස්වසන පද්ධතිය රෝගියාගෙන් ගලවා ඉවත් කළ පසු මුලු ශරීරයම මිය යන බව වෛද්‍යවරුන් තරුණයාගේ දෙමාපියන්ට පැවසීමෙන් අනතුරුව තම දරුවා සුව කිරීමට නොහැකි බව දැනගත් දෙමාපියන් දරුවාගේ වකුගඩු දන්දීමට කටයුතු කර තිබෙනවා.
 
අම්පාර මහ රෝහලේ වෛද්‍යවරුන් තරුණයාගේ වකුගඩු ඉවත් කර පසුව කෘතීම ස්වසන පද්ධතිය ගැලවීමෙන් පසු තරුණයාගේ මුලු ශරීරයම මියගියා.
 
මිය ගිය තරුණයාගේ පියා වන වයි.කේ සරත් ඉන්ද්‍රපාල මෙසේ ප්‍රකාශ කළා.

"මට දරුවන් පස්දෙනෙක් ඉන්නවා අනතුරට ලක්වුනේ බාලම පුතා යතුරු පැදියක ගිය පුතා ත්‍රිවිලර් රථයක එකිනෙකට ගැටීමෙන් අනතුරට ලක්වුනා.
බිබිල,බදුල්ල යන රෝහල් වලදී ප්‍රතිකාර ලබා  අම්පාර මහ රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී වෛදයවරුන් මගේ දරුවාගේ මොලය මියගොස් ඇති බවත් කෘතීම සුවසන පද්ධතිය රෝගියාගෙන් ගලවා ඉවත් කළ පසු මිය යන බවත් පැවසිමෙන් අනතුරුව මමත් බිරිදත් පවුලේ අයත් එක්ව මියයන දරුවාගේ වකුගඩු දන්දුන්නා. මගේ දරුවා මියගියත් දරුවාගේ වකුගඩු දෙකින් දෙන්නෙක් ජීවත්වී අපිට සතුටක්".

මිය ගිය තරුණයාගේ මව එල්.එච් කුමුදුනි මෙසේ කියසිටියා.

"මගේ පුතා මිය ගියත් එයා ලොකු පිනක් කරගත්තා පුතාගේ තුන්මාසේ දානයට පුතාගේ වකුගඩු දෙකින් ජීවන් වන දෙදනා මට දැකගන්න ඕන ඒක මගේ ප්‍රාර්ථනාවක්" යැයි කියාසිටියා.
 
මියගිය ලක්ෂාන් ප්‍රමෝද්‍යගේ දේහය පසුගිය දා  පවුලේ,මිතුරන්ගේ හා  ප්‍රදේශවාසීන්ගේ සෝ සුසුම් මැද මිහිදන් කළා.



ලුණුගල ප්‍රසන්න පත්මසිරි